chapter 37 ☯

2.1K 309 65
                                    

" අඩෝහ් අයියෙ ............. බලන් ගියහම පාතාලෙ සිංහයො ඔක්කොම බිහි වෙලා තියෙන්නේ  අපේ ගමෙන්නෙ "

" උබත් එකෙක් නේ  .......... "

ගෞව්රව අයියා හිනා වෙවී කියද්දි මන් උගෙ බඩට එකක් ගැහුවා 

" ආව් හු#තො "

"   දැන් ඌ ඉන්න තැන හොයාගන්න විදිහක් නැද්ද ? "

" බලමු හරියටම කියන්නෙ බෑ මල්ලෙ "

" ඌව අල්ලගත්තොත් වැඩේ ගොඩ "

මන් ඇහැක් ගහලා එහෙම කියද්දි ගෞව්රව අයියා මන් දිහා බලලා කට කොනින් හිනා වුණා .

" එව් ...... මරු පොලිස්කාරයා "

" තැම්කිව් ඒයි හොදින් නැත්තං නරකින් හරි මේ වැඩේ කරන්න එපෑ "

ගෞව්රව අයියා මේසෙට ඇගිලිවලින් තට්ටු කරන්න ගත්තා

" ම්ම් ......... බලමු ඉස්සරහට වෙන්නෙ මොනාද කියලා  . මේ හම්බුන්නැද්ද කාඩ් එකක් "

" කාගෙන්ද "

" ඇමතිතුමාගෙන් "

" ඒ මොකටද "

" බිස්නස් පාර්ට්නස්ලට පාර්ටි එකක් "

" අඩෝ මට දුන්නෑනෙ නාකියා   "

" බය වෙන්න එපා මල්ලෙ උබට නොදී ඉන්නෑ කොහොමත් උබ අපේ ඇමති සීයව රකින්න යන්නම එපෑ  "

" අනේ උබලා එතන්ට වෙලා ගිලින්නයි මන් රකින්නයි මාර වැඩක්නෙ .ඇමති බිත්තරේ මන් කිකිළියෙක් කියලා හිතුවද දන්නෑ "

" අමෝර් ........ ඔව්වා මේකෙ මොකෙක්ට හරි ඇහුණොත් කෙලින්ම ඇමතියගෙ කනේ තියයි ඈ ...... මන් යනවා උබට වගේ කකා ඉන්න වෙලාවක් මට නෑ "

" නැත්තං වරෙන් අයියෙ ඇවිත් මගෙ එකෙන් ටිකක් කාපන් "

" එපා මල්ලෙ අනුන්ගෙ ඒවා කන්න ඕන්නෑ මට ඕන තරම් කෑම තියෙනවා . මෙහ්..... එහෙනම් මන් කැපුනා "

" හරි පරිස්සමට "

ගෞව්රව අයියා ෆෝන් එකට ඔලුවත් ඔබන් අතත් වනන් එළියට යද්දි ආයෙම මගෙ හිත නළියන්න ගත්තා .

යොහ් මගුල ........ අභීන් කියන මතකෙ කොච්චර මතක් නොකර ඉන්න හැදුවත් ඒක නිකන් වතුර යට ඔබපු රබර් බෝලයක් වගේ උඩට එනවා  . පළනවා මන් දැන් ඔය මගුලෙ බෝලෙ

 ☯ Yin &Yang ✅Where stories live. Discover now