chapter 50 ☯

2.2K 316 94
                                    

" තිසරු "

" අහ්...... අයියෙ එන්න වාඩිවෙන්න "

අභීන් අයිය කලු ශෝටකට සුදු පාට ටී එකක් ඇදලා . අඩපු හින්දද කොහෙද අභීන් අයියගෙ ඇස් ලාවට ඉදිමිලා . පව්..... මෙච්චර කාලයක් තිස්සේ එයා මොන තරම් නම් දුකක් හිතේ හිර කරන් ඉදලද . හරියටම බැලුවොත් එයාගෙ ජීවිතේ සතුට කියලා දෙයක් තිබිලා නැති තරම් .

මිනිස්සු කියනවා සතුට සල්ලිවලට ගන්න පුළුවන් කියලා . ඔව් පුළුවන් ........ සාමාන්‍ය මිනිස්සුන්ට සතුට සල්ලි දීලා ගන්න පුළුවන් . ඒත් ........................ අභීන් අයියල වගේ සල්ලි උතුරන්න තියෙන මිනිස්සුන්ට සල්ලි තිබිලත් සතුට සල්ලි දීලා ගන්න පුළුවන්ද කියන එක ...... ඒක ලොකු ප්‍රශ්නයක් ........... ලෝකෙ හැම දේකටම පැති දෙකක් තියෙනවා . සමහරුන්ට සතුට සල්ලි දීලා ගන්න පුළුවන් වෙද්දි සමහරුන් හොයන සතුට තියෙන්නේ සල්ලි ලග නෙමෙයි . ඉතින් සතුටයි සල්ලියි ගැන මෙහෙමයි මෙහෙමයි කියලා වාද කරලා වැඩක් නෑ . ඒක පොදු දෙයක් නෙවෙයි . මිනිහගෙන් මිනිහට පෙෳද්ගලික දෙයක්


අභීන් අයිය ඇවිත් පුටුවක් ඇදන් වාඩි වෙද්දි මන් එයාට එහා පැත්තෙන් වාඩි වුණා. ආච්චි අපි දෙන්නටම ඉස්සරහින් වාඩි වුණා. ගෙදරට කවුරු හරි එනවා කියන්නෙ ආච්චිටත් මගුල් වගේ තමයි .ඉස්සර ගමේ ගෑනුත් එක්ක ඕපෙට නොගිය ආච්චි ඒ පාලුව මකාගත්තෙ රස්සාවක් තියෙන හින්දා. අනික මන් හවස් වරුවෙම ගෙදරමනෙ හිටියෙ. දැන් ඉතින් ඒවත් නෑ . කොච්චරවත් කියනවා එයාගෙ පාලු මකන්න ලේලි පොඩ්ඩක් ගෙනත් දෙන්නලු ඒත් ආච්චි මන් ආස බෑනා පොඩ්ඩකටනෙ............. ඔයාගෙ බෑනනම් පොඩි නෑ හැබැයි

ආච්චි අම්මා මුලින්ම කරේ එයාගෙ බෑනා පොඩ්ඩට බත් බෙදපු එක මේ තිසරු කැලේ . හුම්.....හුම් ඔහොම යන්කෝ .

" දැන් ඔයා එයාට විතරද බෙදන්නෙ "

" ඇයි උබට අත් නැද්ද "

" ආ...... දැන් එයාටත් අත් ......... "

" කෝ මන් තිසරු බෙදන්නම් එතකොට හරිනෙ ම්ම්....... "

ආච්චි අම්මා අභීන් අයියට විතරක් බත් බදලා නිකන් ඉන්න හැදුව හින්දා ඒකට අඩව්වක් අල්ලන්න හැදුව මට කලින් ඉස්සර වෙච්ච අභීන් අයිය මගෙ පිගානට බත් බෙදුවා . ඒකත් මාර බෙදිල්ලක් තමයි .ඒ මනුස්සයා හිතන් ඉන්නෙ එයා වගේ හැමෝම බත් කදු ගිලිනවා කියලා .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now