chapter 51 ☯

2.1K 311 49
                                    

" එහට්ට යන්න මන් තරහයි "

" ම්ම්........... "

අභීන් අයිය බෙල්ලෙ තිබ්බ වතුර බිංදු උඩ නහය අතුල්ලන ගමන් හරි හෙමින් ම්ම් .... ම්ම්..... ගාද්දි මගෙ යටි පතුලේ ඉදන් උඩට ඇග රත් වේගන එනවා වගේ දැනෙද්දි මන් කකුලෙ ඇගිලි දහයෙන්ම පොළව බදාගත්තා . ගෑණියෙක්ව යට කරගන්න ඉපදුන මන් අද පිරිමියෙක් ඉස්සරහ ලිංගෙන් නොවුනත් ගෑණියෙක් වෙලා .

" විකාර නොකර අයින් වෙන්න මට ඇදුමක් දාගන්න ඕනෙ "

" ඇදුම් ඕන්නෑ . අපරාදෙනෙ ඇදුම් ගලවන්න යන මහන්සිය "

" අයියේහ් ....... ඒහ් බිමින් තියනවා මාව මොකද කරන්නෙ "

මාව හරහට වඩා ගත්තු අභීන් අයිය මාව උස්සන් ගිහින් ඇදට විසි කරද්දි මන් ගැලවෙන්න ඔන්න මෙන්න තිබ්බ තුවායෙ ගැටේ අල්ල ගත්තා .

" මේ.... මන් කෑ ගහනවා හරිත "

" බය වෙන්න එපා බන් මන් උබට දැම්ම මොකුත් කරන්නෑ "

අභීන් අයිය එහෙම කියන ගමන් මන් දිහා අමුතු විදිහකට බලද්දි මන් අභීන් අයියට විරිත්තුවා .

" වදුරා "

" හිපපොටේමස් "

" ඊරිසියයි නේ "

" ඒ මොකටද "

" මගෙ ඇගට "

" අම්මේ ...... ඔව් මට හරි ඊරිසියයි . නියපොත්තක් වැදුනත් පුපුරන්න ඔන්න මෙන්න වගේ ඉන්නෙ . ජීවිත අවදානමේ ඉන්න ඩයල් එහෙකට ඊරිසොයා කරන්න මට පිස්සුනෙ "

" ඒකත් එහෙමද "

අභීන් අයිය එහෙම කියාගෙන මගෙ ඇග උඩට එද්දි මන් අනික් පැත්තට පයින්න හැදුවත් මන් පරක්කු වැඩී ...... මන් ඒ සද්දන්ත අත් අස්සට හිර වුණා.බෙල්ලෙ එල්ලිලා තිබ්බ මාල දෙක ආයෙම එකට පැටලුණා . ඒ මොහොත හරියට ....... කාලය ආපස්සට ගියා වගේ ......... මට ආයෙම අවුරුදු දාහතේ පොඩි තිසරුට දැනුන හැගීම් දැනෙන්න ගත්තා . හරියටම තාත්තෙක්ගෙ ආරක්ෂාව අස්සෙ ප්‍රේමවන්තයෙක්ගෙ ආදරය අස්සෙ හිර වෙලා ඉන්න පොඩි එකෙක්ගෙ හැගීම . මගෙ තාත්තා උනෙත් මගෙ ප්‍රේමවන්තයා උනෙත් එකම මනුස්සයෙක් වෙද්දි ඒ හැගීම කියලා නිම කරන්න බැරි තරම් සැනසීමක් වුණා .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now