" අම්මප්පච්චී "
" ඕ "
" අම්මප්පච්චී "
" මන් පිටිපස්සෙ රෙදි වනනවා යෙනූ "
" අම්මප්පච්චී "
" යෝහ්........මොකද ලමයො "
පිටිපස්සෙ වැලේ රෙදි වන වන හිටපු මට කොල්ලා නවත්තන්නැතුවම අඩගහද්දි මගෙ පිටිපස්සෙන් චූටි කකුල්වලට වැලි කැට පෑගෙන සද්දෙ ඇහෙන්න ගත්තා . අනේ ඇත්තමයි මේකා කියන දෙයක් අහන්නෙම නැති හැටියක් . මහ එකා වගේම හැදෙන්න අරන් .
" යෙනු ..... කෝ ලමයො සෙරෙප්පු ගහනවා කොල්ලො දැන් නම් "
" අම්මප්පච්චී "
අම්මප්පච්චී අම්මප්පච්චී තමයි මේ ඉන්නෙ මොකද
මෙච්චර වෙලා ගාට ගාට මන් ලගට ඇවිදන් ආපු කොල්ලා මන් ඇදන් හිටපු කොට කලිසම් කකුලෙ එල්ලුනත් එක්කම බුරුලට තිබ්බ කලිසම ඉනෙන් පහළට රීටුවා .
" යොහ් කොල්ලො.... උබත් මහ එකා වගේම මගෙ ඇදුම් ගලවන්නමයි බලන්නේ "
" ම්හුක්....... ඇයි ...... ඇයි අප්පොච්චි ඇතුම් ගලවාන්ඤේ් ඇයියෙ "
" පුකේ අමාරුව හොද කරගන්න "
" පුතේ අමාරුව ................ ඇයි .......ඇයි පුතට අමාරු "
" කොල්ලො කෑ ගහන්ඩ එපා අප්පච්චිට ඇහෙයි "
" නෑ නේ ....... අප්පච්චිට ඇහෙන්නෑනේ ...... අප්පච්චි කෙල්ලෙක් ....... කෙල්ලෙක් එක්ක අර මෙහෙම මෙහෙම මැජේජ් කරනවා "
මන් මිරික මිරික ඉදපු කලිසම ආයෙම දග් ගාලා භාජනේට විසික් කරා . මට හිතුනා ....... මට හිතුනා ඕකා මට කවදා හරි ඔහොම කරයි කියලා . අපතයා . ඕකා ඊයෙ රෑත් එපා කියද්දි මගෙ ඇගට ගොඩ වුණා .ඉදපන් මං අද උබව මරනවා අයියෙ .
මගෙ කකුලෙ එල්ලිලා උන්නු කොල්ලවත් වඩා ගත්ත මන් ගේ ඇතුලට ගියා . ඇත්තමයි මට එන තරහා .....
" අභී ...... කෝ තමුස් ..... "
චස් ..........
හැපි බර්ත් ඩේ ටූයූ ..........හැපි බර්ත් ඩේ ටූයු ..... හැපිබර්ත් ඩේ ඩියර් තිසරු..... හැපි බර්ත් ඩේ ටූයූ.........
" අනෙහ් .... "
සාලෙට යන්න තියෙන උලුවස්ස පහු කරපු මගෙ කන ගාවින්ම චිස් ගාලා සද්දයක් ඇහෙද්දි මාව දිලිසෙන පාට පාට කොල ගොඩකින් නෑවිලා යද්දි මගෙ අතේ උන්නු කොල්ලා අභී ලගට දුවන් ගියා . සාලෙ මැද ස්ටූල් එකක් උඩ තනි තට්ටුවේ කේක් එකක් එක්ක කෑලි කපපු කිරි බත් , ලුණු මිරිස් , සැන්විච් , කෙසෙල් එකක් වගේම බීම බෝතල් එක්ක තව මොන මොනාද වගයක් තිබ්බ . අනේ අයියෝ.......ඒ කේක් එකත් ඒ වගේමයි මට දැන් නම් මේක දැකලම ඇති වෙලා
YOU ARE READING
☯ Yin &Yang ✅
Misteri / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )