chapter 26 ☯

2K 337 41
                                    

" අර්ර්ර්හ් අයියෝ මට පාර හොයාගන්න බෑ නේ.... මගුලෙ කැලේ . හොද වැඩේ තිසරු උබට. අනෙහ් ආච්චි අම්මෙහ් මාර බේරගන්ඩකෝ "

දැන්නම් ඇඩෙන්නත් වගේ පැය කීයක් නම් ඇවිද්දද මගුල .ආච්චියේ ඔයැයිගෙ සුදු පුතාව බේරගන්නකෝ . හොද වැඩේ තිසරු උබට ගෙදරට වෙලා ගේ ගෙම්බා වගේ පෝන් එක ඔබ ඔබ ඉන්නවට අඩුම ගම වටේවත් දිව්ව නම් පාරවල් ගැන හරි දැනගන්න තිබුනා  . ඒත් ගමේ මිනිස්සු එක එක කතා කියද්දි කාටද ගම වටේ රවුම් ගහන්න හිතෙන්නෙ .මගුලෙ මිනිස්සු මන් උන් ඔක්කොගෙන්ම සුප් හදනව සුප් ........

ඉස්සරහින් තිබ්බ ඝන කැලේ දැකලා ආපහු ඉස්කෝලෙ තාප්පෙට නගින්න හැදුවත් ..... අන්තිමේට මන් පිළිගත්තා කොට ජීවිතයක් කියන්නෙ එසේ මෙසේ දුකක් නෙවේ කියලා . දගලලා දගලලා තාප්පෙට නැගගන්න බැරි වුණ තැන කරන්න දෙයක් නැතුව ආපහු කැලේට රිංගුවෙ පාර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන් . ඒත් මේක අප්පගෙ කැලයක්නෙ . කොච්චර ඇවිද්දත් එකම වගේ ගස් . අන්තිමේට මට ඉස්සරහින් තිබ්බ කටු වැටක් දැකලා එතනින්  පැන්නොත් පාරක් හම්බවෙයි කියලා හිතුවා උනත් ඉස්සරහට යන්න යන්න  කැලේ තව තවත් වැඩි වෙන්න ගත්තහම මට මේකෙම ඉන්න වෙයිද කියලා සැකයක් ආවා .

ඒ වුණාට දැන්නම් හිතෙනවා  ඉස්කෝලේ තාප්පෙ ළගට වෙලා කෑ ගහන්න තිබ්බෙ අයියෝ මන් තාප්පෙන් පැන්නා මට ආයෙ නැගගන්න බෑ බේරගන්නෝ කියලා .

" අඩෙහ් සිරාවට මන් අතරමං වෙලා හු#ත  "

කලින් දැකපු තඩි තේක්ක ගහ ගාවටම මන් ආයෙම ඇවිත් තියෙද්දි කලින් හිතේ දුකට අඩන්න හිටපු මට මේ පාර ඇඩුණේ හිතේ බයට .

" අර අභීන් අයියා තමයි හැම මගුලකට මුල . හුහ් ඒ යකා දැන් අර වන මලී එක්ක වෙළීගන ඇළීගන ඇති . සැහ්...... උබට තුරුලිලා එක්ක ලොකු පලහිලව්වක් තියෙනවා වගේ  තිසරු "

මන් ඉස්සරහ සම්පූර්ණයෙන්ම  වහගෙන හිටපු තඩි ගස් පේළිය දිහා බලාගෙන හිතුවා . කොහෙ ගියත් තුරුලිලා මගෙ ගමනට බාධා කරනවා .

පැය ගානක් ඇවිදලා ඇවිදලා හෙම්බත් වෙලා අන්තිමේදී ගහක් යටින් ඉදගත්තෙ දිව ගිලෙන්න තරම් තිබහක් එද්දි  .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now