" අනේ දරුවො මොකට මේ උදේ පාන්දර එනවද ? ඔච්චර නැහෙන්න ඕන නෑ මේකා හින්දා "
" අනේ එහෙ...... "
" පිශ්ශුද ආච්චියේ . මේයා මේ උදේ පාන්දර දුවන් එන්නෙ මට තියෙන ආදරේකට නෙවේ කන්න ආච්චි කන්න . මහ සාගරේ වගේ බෙදන් බ......... "
" සුදු පුතේ කටවහගනින් "
" ඇත්තනෙ අප්පා කිව්වෙහ්..... ආව් ආච්චියෙ අනේ අයියෙ බලන්නකො . අනේ සොරි සොරි එපා ආච්චියේ "
ආච්චි කොස්ස උස්සන් ඇවිත් මගෙ පස්ස රත් කරන්න ගත්තහම මන් දූවලා ගිහින් අභීන් අයියා පිටිපස්සෙ හැංගුනා . අභීන් අයියා දාගෙන හිනා වෙනවා . එයාගෙ හිනා සද්දෙ ඇහෙනවනම් හැමදාම මෙහෙම ගුටි කන්න පුළුවන් කියලා හිතුනත් පිටිපස්සෙන් ආපු ආච්චි තරු පේන්නම මගෙ පස්ස රත් කරහම අපරාදෙ එහෙම හිතුවෙ කියලා හිතුනා
" හම ගහන්නෙ උබව "
ආච්චි මට කොස්සත් උරුක්කරලා කුස්සිය පැත්තට ගියහම මන් පස්සත් අත ගගා ගිහින් සෙටියට වැටුණා . අභීන් අයියත් ඇවිත් මට එහාපැත්‍තෙන් වාඩි වුණම මන් හුරතල් වෙන්න ගත්තා ම්හුක්
" රිදෙනානේ "
" හොද වැඩේ "
" යනා යන්න ....... මේ ඒයි දැක්කනෙ මන් කිව්වෙ මාව විශ්වාස කරන්න කියලා . වැඩේ හරි ගියානෙ "
හයට විනාඩි පහක් විතර තියලා අභීන් අයියව ඇහැරවලා ජනේලෙ ඉටි කොලේ ගලෝලා එළියට යවලා ගානට හයට දොර ළග ඉන්න කිව්වෙ ආච්චියා දොර අරින්නෙ හයට හින්දා . දැක්කද ටිකිරි මොලේ හුම්..... ටිකිරි මාරි තේ එක්ක පොගෝලා කාළා පොගෝපු තේ එකත් බීව හින්දා තමයි මේ.
" ඔව් ඔව් හරි ගියා . මන් පණ බයේ හිටියෙ "
" අපෝ මහලොකු චණ්ඩියා බය වුණාද ? "
මන් අභීන් අයියටත් විරිත්තලා පෝන් එකේ ඩේටා ඔන් කරා .
ට්‍රීං........ට්‍රීං........ට්‍රීං........ට්‍රීං........ට්‍රීං........ට්‍රීං........ට්‍රීං........ට්‍රීං...............
යකොහ් notification ගොඩ හම්මේ කාලෙකින් ඩේටා ඔන් කරපු හින්දද කොහෙද .ගොඩ කාලෙකින් කියන්නෙ ඊයෙ රෑ හතට ඩේටා ඕක් කරාට පස්සෙ දැන් තමයි ඔන්ලයින් ආවෙ හෙහේ ... අම්මෙහ් සෙනුකයගෙන් මැසේජ් ගොඩයි .අද ගෙදර එන්නද අහලා , අර ගෝතයා අදත් මෙහෙ වඩිනවද කියලා අහලා , ඌ නම් කාලිගෙ පිරිමි වර්ශන් එකද මන්දා බන් කියලා එවලා හම්මේඒඒඒ මෙයා මේ බයින්නෙ ඒකගෙම බෝයිපෙන් එක්ක කියලා දැනගත්තු දාට මේක පුප හපන් මැරෙන්නෙ පුප හපන්
YOU ARE READING
☯ Yin &Yang ✅
Gizem / GerilimYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )