ගේ නම් තිබුණ විදිහමයි .ගරාජ් එකක් වගේ තිබ්බ කෑල්ලට වාහනේ දාපු මන් වටපිට බැලුවා . අලුතින් මල් වර්ග හිටෝලා . ලොකු පිළිමයක් හිට්ටවලා .... සිමෙන්ති පිළිමයක් .....අත් උස්සන් ඉන්න පිලිමෙ අත් දෙකෙන් සුදු පාට මල් පිපිච්ච කොළ පාට වැල් වැක්කෙරිලා .පිටින් කොච්චර ලස්සන උනත් මේ ගේ ඇතුළින් තනිකරම අපායක් . මිනිස්සු බලන්නෙම පිට පොත්ත ලස්සනට තියාගන්න විතරයි .
ගේට්ටුවෙන් ඇතුලට ආවට මොනා කරන්නද කියලා හිතාගන්න බෑ .අඩුම තරමෙ මන් දන්නෑ ඒ මනුස්සයා මොන වගේද කියලවත් . කට කතාවක් තියෙනවා මනුස්සයා සෑහෙන්න කලුයිලු . ඒකලු කලු රාජා කියන්නෙ .මේ ගේ ඇතුළෙ ඉන්න මනුස්සයො කීදෙනෙක්නම් කලු පාට ඇතිද ? ඉතින් මන් සැක කරනවා කියලා උන් ඔක්කොම සැක කරන්න ද....... ? මන් නිකමටවත් හිතුවෙ නෑ ඒ මනුස්සයා මේ වගේ ලොකු තැනක ජීවත් වෙනවා ඇති කියලා . මේක නෙවේ තියරිය . අනේ මන්දා මොන මගුලක් වෙනවද කියලා .
එක්කෝ මේ කියන මනුස්සයා අභීන් අයියගෙ තාත්තා වෙන්න ඕනෙ නැත්තං අභිමාන් අයියා වෙන්න ඕනෙ ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වවත් මන් දැකලා නෑ .............. එහෙමත් නැත්තං ........ මේ ගේ ඇතුළෙ වෙන මනුස්සයෙක් හැංගිලා ඉන්නවද ....... ? අභීන් කියන චරිතෙ පුදුම පැටලිල්ලක් දෙයියනේ .
කෝපි කුඩු පාට දොර වහලා දාලා තියෙද්දි මට පිටිපස්සෙන් ආපු අවුරුදු තිහක තිස්පහක මනුස්සයෙක් සර් එන්න කියාගෙන ගිහින් දොර ඇරියා .
" සර් මහත්තයා සාලෙ ඉන්නවා සර් යන්න "
අර මනුස්සයා මන් ළඟ දෙකට තුනට නැවිලා ගේ ඇතුලට අඩිය තියන්න බයේ වගේ එළියට ගියා .පීනන්න පුළුවන් තරම් ලොකු සාලයක්. සාලෙ කලු පාට ටයිල් කැට ........ ලේ පැල්ලම් වහගන්න වෙන්නැති . මන් සාලෙට යද්දි කව්ද මනුස්සයෙක් සෝපාවෙ ඉදගෙන ඉන්නවා ........ ඒ මනුස්සයා වෙන්න ඕනෙ අධිකාරි කියන්නෙ ඒ කියන්නෙ අභීන් අයියගෙ තාත්තා . සෝෆාව මට පිටුපාලා තිබ්බ හින්දා මනුස්සයව හරියටම පෙවුන්නැති උනත් අඩි හතරක් පහක් ඉස්සර ගියහම මට ඒ මනුස්සයව පේන්න ගත්තා ............ ඔව් දෙයියනේ ඒ මනුස්සයා කලුයි මට පේනවා .......... පිටිපස්ස හරෝලා ඉන්න මනුස්සයගෙ උරහිස් , බෙල්ල අත් මට පේනවා . ඒත් තාම මූණ දැක්කෙ නෑ . මට ඕනෙ උනා ඉක්මනට ඒ මනුස්සයගෙ පව්කාර මූණ මොනවගේද බලන්න. කලු රාජා හින්දා නෙවෙයි අභීන් අයියට අර තරම් තිරිසන් විදිහට සලකපු තාත්තා හින්දා .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )