" නාඩා ඉදින් සුදු පුතේ පොලීසියේ වැඩකටනෙ ඒ දරුවා ගියේ ඉක්මනට එයි ..... උබ මට හරියකට විස්තරේ කියන්නෙත් නෑ . දැන් දරුවෙකුත් ඉන්න එකේ මට මොකුත් කියන්නත් බෑ අනේ මන්දා දරොවෝඕ.. නාඩා ඉදින්කෝ අම්මේ "
යෙනූව එක අතකට වඩා ගත්තු ආච්චි අම්මා රැලි වැටුණු අතකින් මගෙ කදුලු පිස්සා . ඔව්........ මන් එයාට කිව්වෙ අභීන් අයියව පොලීසියේ වැඩකට ට්රාන්සර් කරා කියලා . අපි හැමෝගෙම ජීවිත අවදානමේ නිසා එයා කෝල් නොදෙන්නෙ කියලා කිව්වා . මන් දන්නෑ එයා ඒවා විස්වාස කරනවද නැද්ද කියලා . ඒත් දවසින් දවස දවසින් දවස මට ඒ බොරුව වහගන්න අලුත් අලුත් බොරු ගොතන්න වුණා .
මගෙ කදුලු පිස්ස ආච්චි අම්මා සෙටිය උඩින් වාඩි වෙද්දි මන් සෙටියෙන් බිමට බැහැලා සීතල ටයිල් පොලොව උඩ වාඩි වෙලා එයාගෙ උකුල උඩින් ඔලුව තියාගද්දි එයා හරි සනීපෙට මගෙ ඔලුව අත ගෑවා . ඉන්න තැනකින් ඉක්මනට එන්න අයියෙ මන් බලන් ඉන්නවා .
" සුදු පුතේ "
" ම්ම්හ් ...... "
මන් උන්නෙ නින්දත් නොනින්දත් අතර ආච්චි අම්මාගෙ ඇගිලි තුඩු හිස්කබල දිගේ හරි සනීපෙට යද්දි ඒ සනීපෙට වගේම ටයිල් පොලොවෙ සීතලට යෙනූ නිසා වගේම අභීන් අයිය නිසා දවස් ගානකින් හරි හැටි නිදා නොගත්ත මට නිදි දෙව් දුව පේන මානෙක උන්නා උනත් ආච්චි අම්මා එයාව මගෙන් ඈත් කරද්දි මන් ඇස් පියාගෙනම ම්ම් ...... ගෑවා
" හඩු ගදයි උබ ළඟ දවස් ගානක ඉදන් උබට නාගන්න බැරි වුණා නේ . ගිහින් නාගෙන වරෙන්කො හවස් වෙලා පන්සල පැත්තෙවත් යන්න පඩුරක්වත් ගැට ගහන්න " .
" ම්ම් ........ මන් එහෙනම් වැවට ගිහින් එන්නද"
" මේ හවස් ජාමෙ වැව් අස්සෙ රිංගන්නෙ මොකටද යස අපූරුවට බාත් රූම් එකක් තියෙද්දි "
" හිත ටිකක් නිදහස් කරගන්න ඕනෙ ආච්චි ...... අනේ යන්නම්ද "
" හ්ම් ...... හ්ම් ..... කරුවල වැටෙනකන් ජබුම් ගගහා ඉන්නැතුව ඉක්මනට වරෙන් එහෙනම් ....... චූටි පුතාට බඩගීනීද ..... අපි යන් පූසා බලන්න ....නන් ..... නන් ...... අපි යන් පූස් හාමි බලන්න "
ආච්චිගෙ උකුලෙ හිටපු මන් ඒ විදිහටම ඉදන් බෙල්ල හරෝලා පොඩි එකෙක් වගේ අනේ යන්නම්ද අහද්දි හ්ම් ..... හ්ම් ..... ගෑව ආච්චි කොල්ලවත් අරන් කුස්සියේ උන්නු සම්බෝලය බලන්න ගියා . ඌ පස්සෙන් ගිය පූසි ප්රෙග්නට් වෙලා . හරි වැඩේ තමයි . මන් හිතන්නෙ අපේ එකාගෙ පූස් වැඩක් ඕක .
YOU ARE READING
☯ Yin &Yang ✅
Misteri / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )