chapter 38 ☯

2.1K 312 49
                                    

" අතෑරපන් පගෝ වැටෙයි "

මන් ඇදන් ආපු ඇදිල්ලට ගෞව්රව අයියගෙ කකුල බිම එළලා තිබ්බ රතු පාට කාපට් එකේ පැටලිලා වැටෙන්න යද්දි ඌ කෑ ගහන්න ගත්තත් දොර ළග එනකම්ම ඌව අත නොඇරපු  මන් දොර ඔන්න මෙන්න පේන්න තියෙද්දි ඌව අතෑරිය .

" මොකද පගෝ වෙලා තියෙන්නේ අඤේ් යන්න බෑ බෑ කිය කිය ඉදලා යකා වැහුණා වගේ ඇදන් ආවා . බල්ලා.... මගෙ ඇදුමත් කෑව වුබ "

ගෞව්රව අයියා පොඩි වුණ ඇදුම අතින් හද හද කියද්දි මන් උගෙ අතේ එල්ලුනා.මුගෙ අස්සෙ හැංගිලා තමයි මට දවස ගත කරන්න වෙන්නෙ . එක්කෝ කලින් කිව්වනම් බිත්තර කට්ටක් හරි අරන් එනවා  . එව්ව්..... තිසරු උබ ගිය තැන වන කරගන්නවා කියලා ආච්චි කියන්නෙ නිකන් නෙවේ දෙයියනේ 

" මේ අයියණ්ඩි මාව වහන් කොරගන්ඩකො "

" ඇ ........ "

ගෞව්රව අයියා wtf කියන්න වගේ බැල්මක් දාන් මන් දිහා බලන් හිටියා .

" ඇ නෙවේ මන් ඔයාගෙ අස්සෙ හැංගිල ඉන්නම් අනේ හාද . මන් මොකාද වගේනෙ හලොව්  "

" බෑ උට්ටො උබ අස්සේ හිටියහම මන් කොහොමද කෙල්ලෙක්වත් දාගන්නෙ උබ මගෙ ගෑණි කියලා හිතයි ඊව් ....... මට නම් බෑ සාන්ත "

" අම්නේ ....... ආහ් හරි දැන් උබට බෑනෙ එහෙනම් මන් ආපහු යනවා "

එහෙම කියපු මන් ගස්සලා ආපහු හැරිලා යන්න හදනවත් එක්කම ඒ හා සමානව අපි දෙන්නට ටිකක් පිටි පස්සට වෙන්න හිටපු අභීන් අයියගෙ අතේ අර තුරුලි කියන මගුල එල්ලුනත් එක්කම මගෙ පපුවට අකුණක් වැදුන වගේ වුණා  . කොච්චර එපා , අමතක කරනවා කියලා කිව්වත් මන් උට ආදරෙයිනෙ දෙයියනේ ...... ඉතින් නොරිද තියෙයිද .

මන් ඈතින් එන තුරුලි දිහා බැලුවා .මේකි මාර විදිහටනෙ ලස්සන වෙලා තියෙන්නේ . ඔච්චර ලස්සන එකියක් ඉද්දි උට මොකටද මාව . අනෙර් මට ඕන්නෑ තුරුලි උබෙ ඔය බේසික මගුල . ඌව තියාගෙන කාපන් කාලා කටු ටික දාපන් උබෙ බල්ලට තුරුලි. කොහෙන් ගියත් උබ කඩන් පාත් වෙන්නෙ ඇයි තුරුලි. ඇයි.......ඇයි උබම.... ඒකත් තනියම නෙවේ මන් පපුව පැලෙන්නආදරෙ කරන එකත් එක්කම . වෙලීගෙන ඉන්නෙ ඇයි මගෙ ඇස් ඉස්සරහම . සත්තයි තුරුලි උබ අභීන් අයියට ආදරේ කරන තරමට වඩා මන්  සිය දහස් ගුණයක් උට ආදරෙයි . අනේ මන් ආස නෑ උබට

 ☯ Yin &Yang ✅Where stories live. Discover now