chapter 14 ☯

2.4K 323 23
                                    

හම්මේ මගෙ ඔලුව .. මුලු සක්වලම ඔලුව උඩින් තියන් ඉන්නවා වගේ . නහයට බදාම පුරෝලා වගේ .

උනේ මොනාද කියලා මීටර් වෙන්න අඩුම තප්පර ගානක් යන්න ඇති . මන් එහෙම්මම ඇද වටේ ඇහැ දාලා බැලුවේ අභීන් අයිය ඉන්නවද කියලා .

කෝ නෑ නේ........ අනේ ඒ කියන්නෙ ඒක හීනයක් ද ?

මගෙ හිතට ආයෙමත් කොහොදෝ ඉදන් ආපු බර ගතියක් දැනෙන්න ගත්තා . මොනා නැතත් උබ ත්‍රිමාණ විදිහෙ හීනයක් දැකලා තියෙන්නේ තිසරු .

ඔව් ඉතින් එයාට පිස්සුද මාව හොයන් එන්න .මන් එහෙම්මම කොට්ටෙ බදාගත්ත කදුලු බිංදුවක් රූටලා ගිහින් කොට්ටෙට වැටෙද්දි . ඊයෙ අඩපුවට හරියන්න ඇස් තාමත් රිදෙද්දි ඊට දෙවෙනි නොවෙන්න ඔලුවෙ කැක්කුමකුත් අල්ලලා තිබ්බා . විනාඩි විස්සක් විතර පෙරළි පෙරළි රටේ නැති විකාර කල්පනා කරපු මම ඊයෙ ආච්චිට කෑ ගැහුව විදිහ මතක් වෙලා එයාව හොයන් කුස්සියට දිව්වෙ උම්මා එකක් දීලා තරහා මරහා අමතක කරගන්න . කොහෙවත් ඉන්න මගුලක් හින්දා ආච්චිත් එක්ක තරහා වෙලා හරියනවද නෑ නෙ....... නෑ නෙ .

ඒත් මන් කුස්සියට යද්දි දැක්කෙ උඩට ඇදුමකුත් නැතිව සරමත් කැහැපොට ගහන් හිරමණේ උඩ වාඩි වෙලා පොල් ගාණ අභීන් අයියව . බැන්ඩේජ් කරපුව ඔක්කොම ලිහලා දාලා .හම්මේ මට ඒ වෙලාවෙ හිරමනේ ගැන මාර දුකක් දැණුනෙ . ඇයි ඉතින් අලි මසුයි ඌරු මසුයි එකට දාලා සුප් බිව්ව එකා වගේ ඉද්දි අනේ අපේ පරණ හිරමනේ දෙකට කැඩෙයිදෝ කියලා සාධාරණ බයක් ආවා දෙයියනේ 😪

ඉන්න එතකොට ඒ කියන්නෙ එයා ඊයෙ ඇත්තටම ඇවිල්ල . අනේ දෙයියනේ ....... දෙයියන්ට මන් ගොඩක් ආදලෙයි .අභීන් අයියා පොල් ගාද්දි අත්වල මස් ගොබ තද වෙලා උඩට ඉලිප්පුණා . ඉස්කෝලේ යන ළමයෙක්ට මෙහෙම ඇගක් තියෙනවා කියන්නෙ ඒක හරි අසාමාන්‍ය දෙයක් . ස්පෝර්ට්ස් කරන එකෙක් නම් කමක්නෑ කියලවත් කියන්න පුළුවන් ඒත් මේ යකා කරන ස්පෝර්ට්ස් . හැබැයි කියන්නත් බෑ මන් දන්නැති තව මොනා ඇති ද ?.............

ඊළඟට තමා මට හොදම එක මතක් වුනේ . යකෝ වෙඩි වැදිලා හිටපු එකා නේද මේ පොල් ගාන්නෙ

" අයියෙ 🔊 "

" ආහ්...... ළමයා නැගිට්ට ද ? මොකෝ කෑ ගහන්නෙ"

 ☯ Yin &Yang ✅Where stories live. Discover now