" තිසූ ..................... ඇයි ළමයො ඔච්චර කල්පනා කරන්නෙ ආ... කල්පනා කරා කියලා මොකුත් වෙනස් වෙන්නෑනෙ බන් . උන දේවල් උනා ඒ ගැන ඕනාවට වඩා හිතන්න එපා . උබ ඔහොම උන්නහම මට පාලුයිනෙ........ ම්ම් ..... වෙනදට වාහනේ එද්දි ගොන් කතා කෝටියක් කියන උබ ඔහොම කට පියන් වෙන වෙන ලෝකවල උන්නහම මන් මෙතන තනියමනෙ ලමයො "
වාහනේ ඇවිත් ගේ ඉස්සරහින් නවත්තනකම් නෙවේ නැවැත්තුවට පස්සෙත් මන් උන්නෙ වෙනම ලෝකෙක වෙද්දි වාහනේ නවත්තන් සෑහෙන වෙලාවක් මන් හරි සිහියට එනකන් බලන් උන්නු අභීන් අයියට අන්තිමේට තරහා ගිහින් තිබුණා වගේම ඒ හා සමානව මන් කතා නොකරපු හින්දා එයව අප්සට් ගිහින් තිබුණා . මොකද අභීන් අයිය ම්ම් ...... ගානවා හ්ම්....... ගානවා ඇරෙන්න ලොකුවට කියෝන කෙනෙක් නෙවේ ඒත් අද එයා හිතේ තිබ්බ ඔක්කොම කියෙව්වා වෙනකොට අභිමාන් අයියා තරහා පාලනේ කරගන්න දගලන නිසාම එයාගෙ සද්දෙ එන්න එන්න වැඩි වුණා .
" අයියෙ හිමින් ... හිමින් ..... පැටිය ඇහැරෙයි "
මන් මගෙ උකුල උඩ තිබ්බ වේවැල් කූඩෙ නිදන් උන්නු දරු පැටියා ඇහැරෙයි කියන බය හින්දා අභීන් අයියට සද්ද කරන්න එපා කිව්වා . ඇහැරුනොත් කොහොමද දෙයියනේ පරක් කරන්නෙ . මට මීට කලින් පොඩි උන් එක්ක ලොකු ඇයි හොදයියක් තිබ්බෙ නෑ . තියෙන්න පොඩි උන් හිටියෙත් නෑ . ලමානිවාසෙ උනත් මෙච්චර පොඩි උන් හිටිය්‍ර් නෑ .
මන් කොල්ලා දිහා බැලුවා අද උන දේවල් කිසිදෙයක් නොදැන කොල්ලා සනීපෙට දොයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බෑ අපි දෙන්නට ළමයෙක් ඉන්නවා කියලා ..... මට හිතාගන්න බැරි මන් තාත්තෙක්ද නැත්තං අම්මෙක්ද කියලා . බැරිවෙලා හරි මන් අම්මා උනොත් මට නම් බෑ බත් තම්බ තම්බ ඉන්න
පැටියා කූඩෙ ඇතුළෙ එහා මෙහා උනා අනේ එයට අමාරුද දන්නෑ . මට බය හිතුනා පැටියව අතට ගන්න .... බැරි වෙලා හරි මගෙ අතින් තැලුනොත් , වැටුණොත් ඒක හින්දම මන් පැටියට කූඩෙ ඇතුලෙම ඉන්න දීලා කූඩෙ මගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා .
" හ්ම් .... බහින්නකො "
ඊලග පාර අභීන් අයිය හිමින් මිමිණුවා .
" ඔයා ආච්චිව එක්කන් යනවද "
" නෑ ...... "
" එහෙනම් "
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )