" ඔව් ...... මට පුළුවන් අපායක බැරිනම් ඕනෙ දීපංකරේක තමුසෙ එක්ක ඉන්න අයියෙ . ඇයි අයියෙ ..... ඇයි ...... මට මෙහෙම කරන්නෙ . තමුසෙ එනකන් අවුරුදු ගානක් පිස්සෙක් වගේ මග බලන් හිටපු මගෙන්ම ඇයි අයියෙ එහෙම දේවල් අහන්නෙ . තමුසෙට මගෙ ආදරේ විහිලුවක්ද ආ අයියෙ ............ ඒ කාලෙ මන් මොකාද එකා වගේ තමුසෙගෙ පස්සෙන් ආව හින්ද තමුසෙ හිතුවද මන් දකින දකින එකාගෙ පස්සෙන් යන ජරහන්තයක් කියලා . නැත්තං ඔයාට මගෙ ආ......දරෙහ්හ් .......මදි.......ද අයිහ්......යෙහ්.... "
මුලින්ම ආවේගෙන් කියන් ආව උනත් අවසාන වචන දෙක තුන කියලා ඉවර වෙන්නත් කලින් මට ඉකි ගැහුණා .හැමදේම ගලක් වගේ දරාගන්න තිසරුට අභීන් කියන නමත් ඇති ඉකි ගගගා වැලපෙන්න ,ඒ මනුස්සයගෙන් පිටවෙන හිත රිදෙන එක වචනයක් ඇති හිදිච්ච විල්වලට ආයෙම වතුර පිරෙන්න . අභීන් කියන්නෙම තිසරුගෙ ....... තිසරු යන්සිදුගෙ දුර්වලම තැන වෙනකොට නොහිතා කියන ඒ වචන හොදට මුවහත් කරපු ඊතල තරම් . පපුව පතුලටම ගිහින් නවතින්නෙ .
ලැජ්ජා නෑ ........ මොකාද එකා වගේ හැමවෙලේම අඩන එක පිරිමිකමට ලැජ්ජාවක් උනත් අභීන් අයිය ඉස්සරහ අඩද්දි පවා දැනෙන්නෙ හරි සැනසීමක් .
" ඔය ඉතින් අඩන්න එපා ළමයො . ඇයි මේ ....අඩන්න තරම් දෙයක් කිව්වද මැණිකෙ මන් උබට ම්ම්......... කොහෙන්ද මේ තරම් වචන කෑළි හොයාගත්තෙ
අනික මන් කොයි වෙලේ හරි මගෙ තිසරුගෙ ආදරේ මදි ........... මගෙ තිසරු ජරාවක් කියලා කිව්වද ම්ම්............ කිව්වද මන් එහෙම දෙයක් මැණිකෙ "
ඉකි ගගහා උන්න මාව ඇදලා අරන් ඒ අත් අස්සට හිර කරගත්තු අභීන් අයිය ආදරණීය වචන කිය කිය මාව සනසද්දි අවුරුදු ගානක් හෙම්බත් වෙලා හිටපු හිත ආදරේට ලෝබ කමේද කොහෙද කිව්වෙම තව අඩපන් කියලා වෙනකොට මන් හිතලම හයියෙන් ඉකි ගැහුවා . දුක හිතෙන කතා කිව්වා . ආසයි ආයෙ ආයෙම විදින්න අවුරුදු ගානකින් නොලැබුනු ආදරේට..........
" ඔයා......ට නිකන් වච.......න උනාට මට ඒ වචන හින්දා හරි...යට රිදෙනවනෙ . ඔයාට මාව විශ්......වාසහ්හ් හ්හ්........ නැති හින්ද නේද ඔච්චරටම මට නොකි......යන්නෙ අයියෙ.......හ් "
" අනේ නිකන් හිටපන් මැණිකෙ බොරුවට අඩන්නැතුව . විශ්වාස නැත්තං උබ එක්ක එක ඇදේ බුදියනවද බන් . ඕනවටත් වඩා උබව විශ්වාස හින්දනෙ උබව තුරුලු කරන් සැනසීමෙ ඇස් දෙක පියාගත්තෙ "
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )