" ම්ම් ... කියන්...................... ආහ් මොකක්ද ඔයා කිව්වෙ "
බිම බලාගෙම තුරුලි අක්කත් එක්ක කතා කර කර ආපු අභීන් අයියගෙ ඇස් එකපාරටම මගෙ ඇස් එක්ක පැටලුනත් ඒ සැනින් අහක බලාගත්ත එයා මාව දැක්කෙ නෑ වගේ පහු කරන් ගියේ මගෙ හිත කෑලි කෑලිවලට කැඩිලා යද්දින්. මන් අභීන් අයියගෙන් අඩුම මොකක්ම හරි පොඩිම පොඩි ප්රතිචාරයක්වත් බලාපොරොත්තු වුණා . ඒත් අනේ ඇයි එයා එහෙම ගියේ . හරියට මන් මෙතන හිටියෙ නෑ වගේනෙ
" මන් කිව්වෙ ඔයාට අපේ දිහා එන්න කියලා . අපි , අපි දෙන්නා ගැන ඩැඩී එක්ක කතා කරන්න ඕනෙ "
" හ්ම් මන් එන්නම් "
ඇහෙනවා ඒ දෙන්නගෙ කට හඩ ටිකෙන් ටික ඈතට ඇදිලා යනවා .කටහඩින් පවා ඒ දෙන්නා ගැලපෙනවා .තුරුලි අක්කගෙ රෑපෙ විතරක් නෙවෙයි කටහඩත් භාවනාවක් වගේ ලස්සනයි ඒත් මට ..... නෑ මට ඒක ඇහෙද්දි දැනුනෙම මූසලගතියක් . ඉතින් දැන් ඒගොල්ලො එයාලා ගැන ගෙදරට පවා කියන්න යනවනම් එතකොට මන් ............. මටත් හිතන්න තිබුණා මේක නවකතාවක්වත් , ඩ්රාමා එකක්වත් නෙවේ ඇත්ත ජීවිතේ කියලා . ඉතින් කතාවල හිටපු රාජ කුමාරයො වැඩකාරිව බැන්දට සැබෑ ලෝකෙ කවද්ද එහෙම දේවල් උනේ .
රිදුනා නොසෑහෙන්න රිදුනා .මට හිතුනා වේදනාවෙන්ම මාව පැළිලා යයි කියලා .හිත වේදනාවෙන් කෑ ගහද්දි මොළේ අප්පුඩි ගැහුවා ඇද්ද ඇද්ද අල්ලන්න බැරි අත්තක් ගැන හීන මැව්වා නේද මෝඩ හරකා කිය කිය අප්පුඩි ගැහුවා .ඔව් කතාව ඇත්ත මොලෙයි හදවතයි සමානව තියෙද්දියි තීරණ ගන්න ඕනෙ ඒත් මන් ........ මන් මොකද කරේ හදවතට වැඩි ඉඩක් දුන්නා
අභීන් අයියා කොහොමද දෙයියනේ මට එහෙම කරන්නෙ . එයා කොහොමද මාව දන්නෙ නෑ වගේ හැසිරුනේ . මන් ..... මන් එයාට කරපු වැරැද්ද මොකක්ද ? මට ඇත්තටම තේරෙන්නෑ ... මට කිසි දෙයක් තේරෙන්නෑ . මොන පිස්සුවක්ද මේ .සිරාවටම ඔයාට පොඩ්ඩක්වත් තේරෙන්නැද්ද අයියෙ මට දැණෙන වේදනාව ..?
සවිරු කිව්වා වගේ අභීන් අයියා මගෙන් ප්රයෝජන අරන් අත ඇරියනම් මට මේ තරම් රිදෙන්නැතිවෙයි
" තිසරු අපෝ ඒ ලබ්බා උබට ගැලපෙන්නෑ . බලාම්කො හැටි "
........................................
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )