chapter 30 ☯ 🏁

2.3K 324 46
                                    

" පොලිස් මහත්තයා අදත් මනෝ පාර ගහන්න ගත්තද ? "

" ආහ් ...... උබ කලින් ! "

" හුම්........ අද ලෙඩ්ඩු අඩුයි "

අවුරුදු අටකට කලින් මතකයන් අස්සෙ බරටම හිර වෙලා හිටපු මන් ආපහු සැබෑ ලෝකෙට ආවෙ සවිරුව මගෙ උරහිසට ගහපු පාරත් එක්ක  ..........................................ඔව් ඇහුණ විදිහ හරි .මේ වෙනකොට අභීන් අයියා නැතිවෙලා අවුරුදු අටක් වෙනවා . ඒත් මගෙ හිත තාම පිළිගත්තෙ නෑ ඒක .එදා දැක්ක දේ එක්ක මන් කොහොම විශ්වාස කරන්න ද ? ඔව්.......මන් දන්නවා අයියෙ තවුසෙ කොහෙ හරි ඉන්නවා කියලා . බලමු තව කොච්චර කාලයක් හැංගිලා ඉන්නද කියලා  .... මන් කට කොනින් හිනා වෙන ගමන් හිතුවා .

අභීන් අයියා නැතිවුණ අවුරුදු අටට ගොඩක් දේවල් වෙනස් වුණා . මන් විතරක් නෙවෙයි මගෙ වටේ තියෙන හැමදේම වෙනස් වුණා ............... නෑ එහෙම නෙවෙයි . මන් වෙනස් කරා .  උප පොලීස් පරීක්ශක තිසරු යන්සිදු මුදලිගේ මගෙ මේසෙ උඩ බැබලි බැබලි තිබ්බ යකඩ කෑල්ලෙ තිබ්බෙ එහෙම .

මන් පොලිස් කාරයෙක් වුණේ ඇයි කියන්න මන් දන්නෑ . අදටත් මන් මගෙ හිතෙන් අහනවා ඇයි එහෙම තීරණයක් ගත්තෙ කියලා . ඒ එක මොහොතකදිවත් මට හරි හමන් උත්තරයක් ආවෙ නෑ .ඒත්........... ඒ හැම මොහොතෙම මගෙ හිතට කෙනෙක් ආවා ......... ඔව් අභීන් අයියා

මන් පොලිස්කාරයෙක් වෙනකොට සවිරුව ඩොකෙක් වුණා . රෝස මලක් වගේ හිටිය ඌ ඩොකෙක් වුණේ හිතේ හයියට මිසක් නැත්තං ඌ අද මෙතන නෑ . මිනී දැකලා , ඒවා අත පත ගාන්න ගිහින් , කපන්න කොටන්න ගිහින් , ඇග ඇතුළෙ තෙල් තට්ටුව උස්සන්න ගිහින් , මොළේ කෑලි ගලවන්න ගිහින් ඌ නොසැහෙන වාරයක් කලන්තෙ දාලා වැටුණා .කැම්පස් යන කාලෙ මේකා දකින  හැම වෙලාවකම එක්කෝ වමනෙ දාගත්‍තු ගමන් නැත්තං අසමෝදගම් බෝතලේ කටේ ගහගත්තු ගමන් . ටික දවසක් යද්දි උට කණ්නාඩි පවා හදවන්න වුණා . හැබැයි කණ්නාඩි දැම්මත් එක්කම උගෙ ගොං පෙනුම වාශ්ප වෙලා ඩොකෙක්ටම ගැලපෙන  අමුතු ලුක් එකක් මූනට ආවා .

හ්ම්ම්.........එදා හිටපු මෝඩයො දෙන්න අද මෙහෙම තත්වෙක ඉදී කියලා කව්ද හිතුවෙ . ඉස්කෝලේ ආදි ශිෂ්‍ය රැස්වීම්වලට අනම් මන්ම්වලට ගියහම සර්ලා මිස්ලා පවා පුදුම වෙනවා අපි දෙන්නා ඉන්න තැන දැක්කහම . අපේ සයන්ස් සර්කාරයනම් නම් පන්තියක් පටන් ගන්නෙම අපි දෙන්නගෙ කතාව කියලා ලමයිව මෝටිවේට් කරලලු .මාවයි සවිරුවවයි මේ තැනට ගේන්න මුල් අඩිතාලම දැම්මෙ අභීන් අයියා කියලා මට  සැකයක් නැතුව කියන්න පුළුවන් . මොකද  අභීන් අයියා මාව මෝටිවේට් කරනකොට මන් සවිරුවව ආපිට මෝටිවේට් කරා ....... ඔව් අභීන් අයියා මාත් එක්ක හිටියෙ පොඩි කාලයයි ඒත් ඒ ඕනවටත් වඩා වැඩි වුණා .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now