කැලයක් ..... ගෙදරක් ........ කැලයක් ඇතුළෙ තියෙන ගෙදරක් කියන්නෙ ...... මන් හැමදාම යන තැන , අවුරුද්දක් ඇතුලත සියපාරකට වඩා ගිය එකම තැන , ඇස් පියාගෙන උනත් යන්න පුළුවන් ඒ තරමට පුරුදු තැන ඇමතියගෙ පොට්වලින් මන් හොදටම දන්න තැන ඒක හින්දම කොහෙද පොඩ්ඩක්වත් සැක නොහිතුන තැනත් ඒක වෙද්දි මන් ක්ශනිකව දර්ශට වාහනේ හරවන්න කිව්වා.
එදා අභින් අයියා හිතාමතාම කට්ටිය දම්මලා හිතාමතාම එකෙක්ව අහු කරවලා එයා ළගට මාව ගෙන්න ගන්න විදිහට වැඩ සිද්ද කරපු තැන .සිරාවටම ඇමතියට වෙන මොනාට නැතත් මේ වගේ ජරා වැඩවලට නම් හොදට මොලේ තියෙනවා . මන් හිතුවා ඇමතියා කොහෙ හරි හොයාගන්න බැරි තැනක ...... කොහෙ හරි අස්සක ළමයි ටික හංගලා ඇති කියලා . අන්න එතන ....... අන්න එතනයි මට වැරදුනේ . ඌ කරලා තියෙන්නේ මගෙ ගෙදරම ළමයි ටික හංගලා මාව රට වටේ යවලා වගේ වැඩක් . ඉතින් කව්ද හිතන්නෙ ඒ වගේ තැනක ළමයි ටික හංගයි කියලා .
" වේගෙ වැඩි කරන්න "
මට ඕනෙ උනේ එතනට පියාබන්න . ඒක හින්දම දැනටමත් යන්න පුලුවන් උපරිම වේගෙන් යන ගමන් ඉන්න දර්ශට මන් තවත් වේගෙ වැඩි කරන්න කියද්දි ඌ අනේ මට නම් දඩ කන්න බෑ කියන්න වගේ මන් දිහා බැලුවා .
" මීට වඩා වේගෙන් යන්න ගියොත් අපිට තවත් පරක්කු වෙන එක විතරයි වෙන්නෙ සර් . අනිවාරෙන් ඇමතිතුමා අපිව නවත්තන්න කියලා ඇති ..... එතකොට උන්ගෙ වැඩේ ඉබේම ලේසි වෙනවා "
ම්ම්..... ඒකත් ඇත්ත .
" දර්ශ ළමයි අතුරුදහන් වෙලා කොච්චර වෙලාද
" පැය පහක් විතර සර් "
" පැය පහක් කියන්නෙ මේ වෙද්දි ළමයි තුන්දෙනෙක්වත් ඉවර වෙලා ඇති බන් "
මන් ඒ වචන ටික කිව්වා විතරයි මෙච්චර වෙලාම හයියෙන් යන්න බෑ අරකයි මේකයි කිය කිය ඉදපු දර්ශ අතින් ඉබේම වාහනේ වේගෙ වැඩි වෙද්දි යන්න පුළුවන් වුණේ කිලෝ මීටර් දෙක තුනක් විතරයි . කිව්වා වගේම ඉස්සරහින් හිටිය ඇමතියගෙ පුක අතගාන් ඉන්න පොලිස්කාරයො දෙන්න වාහනේ නවත්තන්න කිව්වා
" එපා දර්ශ ..... එක්කෝ හප්පපන් මොකද උන් වගේ එවුන් යහතින් හිටියා කියල ඇති වැඩක් නෑ ... එක්කෝ උබට උන් එක්ක තරහක් නැත්තං මගඇරලා යමන් "
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )