chapter 24 ☯

2.1K 319 42
                                    

මන් සන්සන්දනය කරා රහල්‍ය අයියවයි අභීන් අයියවයි  ....... රහල්‍ය අයියට තිබුණෙම සුදු උස මස් පිරුණු දේහධාරී ඇගක් වුණත් එයා අභීන් අයියට වඩා මිටියි වගේම ඇගපතිනුත් කුඩයි . අභීන් අයියට තිබුණෙ කලු කුහර වගේ කලු පාට ඇස් වෙනකොට රහල්‍ය අයියට තිබුණෙ බලල් ඇස් . රෝස පාට තොල් හිනා වෙද්දි අස්සෙන් පේන උල් දත් දෙක නිකැලැල් මූණ  හැමදාම ඉස්සරහ ගේට්ටුවෙන් බේරන් එන කෑළි පැනපු කොණ්ඩෙ . වම් කනෙ තියෙන කරාබු නැති කරාබු හිල් දෙක .පැත්තකින් ඉරක් කපපු වම් ඇහි බැම . ඔව් රහල්‍ය අයියා අභීන් අයියට වඩා මාර ලස්සනයි ඒක එයාගෙම විදිහක් . ඒත් මට එයාව කවදාවත් ඇල්ලුවෙ නැත්තෙ එයාගෙ මූණ කොච්චර ලස්සන උනත් ඒ මූණෙ තිබ්බ වල් පාටට . දන්නෑ ඇයි කියලා එයා මන් දිහා බැලුවෙම මහ වනචර බැල්මකි වෙනකොට මන් පුළුවන් තරම් උතසහ කරා ඒ බැල්මෙන් මිදෙන්න .ඉතින් අඩුම දෙතුන් පාරකට වඩා මන් රහල්‍ය අයියත් එක්ක කතා කරලත් නෑ .

ඒත් ඇයි ........ ඇයි මන් ඒ දෙන්නව සංසන්දනේ කරන්නෙ ? මොන හේතුවකටද ?

 ඇයි මන් ඒ දෙන්නව සංසන්දනේ කරන්නෙ ? මොන හේතුවකටද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අඩෝ තිසරූඌඌඌ........... "

සවිරුව ඉද්ද ගැහුවා වගේ නැගිටලා මගෙ පිටටත් ගහගෙන කෑ ගහද්දි මන් බැලුවේ මුට මොන යකා ගැහුවද කියලා

" කෑ ගහන්න එපා යකෝ "

" මේ අහපන්කො ගිය අවුරුද්දෙ ස්පෝට්මීට් දවස්වල ඌ මගෙන් උබෙ නම්බරේ ඉල්ලුවා "

" කව්ද ? "

" රහල්‍ය අයියා බන් "

" ඉතින් "

" මන් ඇයි කියලා ඇහුවාම ඌ කිව්වා හවුස් එකේ වැඩකට කියලා . ඉතින් මන් කොලේක ලියලා දුන්නා . මට ඒ සීන් එක උබට කියන්න අමතක වුණා මන් වොලිබෝල් මැච් එකට රෙඩි වෙන ගමන් හිටපු හින්දා . ඒත් ස්පෝර්ට් මීට් එක ඉවර වෙලා ඌ ආයෙමත් මගෙන් උබෙ නම්බර් එක ඉල්ලුවා . මන් ඇහුවා ඇයි ආයෙම මන් එක පාරකුත් දුන්නනෙ කියලා . ඌ කිව්වා ඒ කොලේ තිබ්බ තැන තිබුන්නෑ අයෙ දෙන්නකො කියලා . ඉතින් මන් ඇහුවා ඇයි දැන් ස්පෝර්ට් මීට් පවා ඉවරයිනෙ කියලා ඌ කිව්වා හු#න්න ඉල්ලන්නෙ දීපන්කො කියලා. "

 ☯ Yin &Yang ✅Where stories live. Discover now