chapter 22 ☯

2K 309 39
                                    

" තිසරු උබ ....... අනේ ඇයි මේ "

" ඉන්න දීපන්කො "

සවිරුව නිදා ගන්න පැය ගානක් ගියා .එහෙට්ට ඇඹරෙනවා මෙහෙට්ට ඇඹරෙනවා , රෙද්ද පොරෝගන්නවා ආයෙම පැත්තකට විසික් කරනවා කොට්ටෙන් මූණ වහගන්නවා මාව බදාගන්නවා මළ විකාරයයි . කොහොමත් සවිරුවට නුපුරුදු තැන්වල නින්ද නොයන හින්දම ගෙදර යමන් කියලා කොච්චර කිව්වත් ඌ බෑම කිව්වා . පව් මන් හින්දා කන කට්ට .බල්ලොවත් මෙච්චර කටු කන්නැතුව ඇති . සවිරුව නිදාගන්නකම් බලන් ඉදලා ඉදලා අන්තිමේට තද කරන් හිටපු කදුලු එකින් එක එළියට පයින්න ගත්‍තහම මේකා ආයෙත් නැගිටලා වද දෙනවා . දැන්නම් මූව පොඩි කරලා ටොෆි කොලේක ඔතන්න හිතෙනවා ඇයි යකෝ

" හරි එහෙනම් උබ අද ඇති වෙනකම් අඩපන් ආයෙ උබ ඌ හින්දා කවදාවත් අඩන්න බෑ හරිද ? "

මූ නාට්‍යවල දෙබස් කියනවා සාන්ත

........................................

" හරි කියපන් ඉතින් නැත්තං මන් උබව මහවැලි ගගට විසික් කරලා එනවා "

........................................

" ආහ්.....ආව් හරි හරි අඩන්නෑ කන කන යකෝ කන කැඩෙයි බල්ලොහ් අතෑරපන් "

" ආන් එහෙම ඉදපන් . කෝ ඉතින් දැන් අඩපන්කො "

අප්ප්ගෙ යාලුවෙක්නෙ මූ .....

" උබ මගෙ මූඩ් එක කෑවා පගෝ "

" ආන් ඒකටයි මන් මෙහෙ නතර වුණේ . කොල්ලා දස්සයා නේ "

" පලයන් යන්න "

" බැහ් යන්නෑ "











" තිසරු යමන් පිට්ටනිට "

" ආ...හා....හා ඌ කොහෙවත් යන්නෑ "

එනුකයා මාවත් ඇදන් පිට්ටනියට යන්න හදද්දි කිරි ටොෆි උරියකුත් උස්සන් කටේ උලුදු වඩයකුත් ඔබන් ආපු සවිරු මාව බදාගන කෑ ගැහුවා .

අපෝ මූ ළගින් එන ගද පාරෙ ඉන්න බල්ලොත් මීට වඩා සුවදයි. සුවර් එකටම මේකා කැන්ටිමේ පොර කන්න ඇති .

" ඌ නැතුව කොහොමද ? "

" කොහොම හරි අපි ලොකු වැඩක් තියෙනවා "

" උබලා දෙන්නා අමුතුයි ටික දවසක ඉදන් "

එනුකයා නළලත් රැළි කරන් බලන් හිටියෙ අපි හරි ලොකු වැරැද්දක් කරලා වගේ .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now