chapter 67 ☯

1.8K 261 55
                                    

මුලින්ම මාව වගේම පොඩි එකාව එයාගෙ ගෙදරට ගිහින් ඇරලවපු අභීන් අයිය ආයෙම  අපි දෙන්න එනකම් විනාඩියෙන් විනාඩියට කෝල් අරන්  බයින ආච්චිව එක්කන් එන්න පන්සලට යනකොට මන් එයා එන ගමන් පැටියව ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා එයාට අරන් දුන්න එක එක ජාතියෙ බඩු ගොඩ පොඩි එකෙක් වගේ ඇද ඇද ඉද්දි අභීන් අයිය එක්ක ආව ආච්චිට අභීන් අයිය කිව්ව දේත් එක්ක මන් කටේ ගහන් උන්නු චොක්ලට් බිස්කට් එක ආහාර මාර්ගෙට යනවා වෙනුවට ශ්වසන මාර්ගෙ දිගේ යද්දි මට කැස්සක් ඇල්ලුවා .

" ක්හැහ් ...... ක්හැහ්..... අම්මොහ් චූ බරයි වගේ ඇයි දන්නෑ "

අභීන් අයිය ආච්චිවත් එක්කන් සාලෙට එද්දි එකපාරට මගෙ බොක්ක පිරෙන්න ගත්තා  . අනේ මට ලැජ්ජයිනෙ . අපිට බෑද ටික වෙලාවකට කාලෙ නවත්තන්න .

ආච්චි අම්මා අඩියෙන් අඩි තිය තිය සාලෙට එද්දි මට මෙතනම චූ යන සීන් එකක් වෙන්න යන්නෙ වගේ හින්දා මන් කකුල් දෙක බුලත් වැලක්  වගේ අඹරගත්තා වගේම සාලෙට ආපු ආච්චි අම්මා මාව දැක්ක හැටියෙ ලගට ඇවිත් මගෙ පිට මැදට අත මිට මොලෝලා ගහද්දි ලී පුටු ඇන්දෙ භාගෙට පස්ස තියන්  උන්නු මාව වැටෙන්න ගියා .

" ආව්හ් ...... ආච්චි 🔊 "

" හරි ශෝක් උබලා දෙන්නා ...... බලපල්ලා වෙලාව කීයද කියලා . අට පහුවෙලා ...... අට.......... පහුවෙලා ....... ආව්හ්.....  මාව තැන් තැන්වල හලලා රස්තියාදුවෙ ගිහින් මගෙ ලේ ටික රත් කරලා ආව් අනේහ්..... ගානක් නැතුව ඉන්න අපූර්ව  ....... අනේ අම්මපා  ආව් අයියෙහ් බලන්නකො අප්පහ්......

ආච්චි අම්මා අභීන් අයියට ගහන්න බැරිකමට ඒවටත් හරි යන්න මටම ගහද්දි මන් කොන්දත් අත ගගා ආච්චි ළඟින් අයින් වුණා . වැරදි තැනකට එහෙම වැදුනොත් තිසරුට වර්ජින් පිටම තමයි මැරෙන්න වෙන්නෙ . අම්මෝ එහෙමනම්  බෑ ..... අභීන් අයිය ළගට ගිය මන් එයා පිටිපස්සෙ හැංගුනා .

" රස්තියාදුවෙ ගියෙ නෑ අනේ ..... කියන්නකො අයියෙ අපි වැදගත් රාජකාරියක උන්නෙ කියලා  ....... රිදුන අප්පා....... මගෙ සුසුම්නාවට හානි උනානම් එහෙම සුසුම්නා බද්දෙකුත් කරන්න වෙනවා . අනික මට දැන් ඔව්වට සල්ලිත් නෑ   "

 ☯ Yin &Yang ✅Where stories live. Discover now