" ඕවෑඈ....... "
" අයියෝඕඕඕව්..... ඔහොම ඉන්න යෙනූ මේ එනවෝ "
ඔව් යෙනූ ...... අභීන් අයිය කිව්ව නම , හදහන් බැලලි අකුරු ගැලපිලි ඔය මොකුත් නැතුව මන් එයා කියපු නමම කොල්ලට තිබ්බ . මොකද ඔය එක එක මිනිස්සු හදලා දෙන නම්වලට වඩා එයාගෙ තාත්තා දුන්න නම මට වටිනවා . අනික ඔය අකුරු බකුරු බලලා දාපු නම් ඔය කියන තරමටම හරි ගියා නම් අද ලංකාවෙ උන්ට මෙහෙම වෙයිද ?
මන් උන්නෙ කොමඩ් එක උඩ . මං හිතන්නෙ අභීන් අයිය ගිය දා ඉදන් මන් හරියට ටොයිලැට් එකට ගියෙ නෑ . ඒ මනුස්සයා පොඩි එකෙක් මගෙ ඇගේ ගහලා යස අපූරුවට යන්න ගියා . ආවදෙන්කො...... මන් සතියක් පඩි සහිත නිවාඩු ගන්නවා .
මන් නැගිට්ටා ..... මන් කොමඩ් එක උඩ ඉදගත්තෙත් තත්පර ගානකට කලින් .ආච්චි අම්මා දානෙ අරන් පන්සලට ගියා එයා මට එන්න කියලා කොච්චර ඇවටිලි කරත් දෙයියනේ ලමයා ලොකු වුනාම මිසක් ඕකා එක්ක මන් නම් ආයෙ පන්සලට යන්නෑ . මොකද මේ ඇට්ටරයා පන්සලට ගිය වෙලේ ඉදන් බෙරිහන් දෙන්න ගන්නවා . නිකක් නෙවේ මගෙ කොස් ගස්වලින් ඇද ඇද. අත ඇබිත්තන් සයිස් උනාට පුළුවන් තරම් කෙස් ගස් ගලෝගන්න දගලනවා . ගෙදර එනකම්ම අඩන එක නවත්තන්නෑ . සමහර විට හුපුරුදු නිසා වෙන්නැති එතකොට වැදන් ඉන්න උන් ඔක්කොම මන් දිහා ඔරවලා බලනවා . දෙයියනේ මන් කියලත් මොනා කරන්න ද .
සෑහෙන වෙලාවක ඉදන් හිර කරන් උන්නු බර ආයෙම හිර කරගත්තු මන් කොමඩ් එකෙන් නැගිටලා කලිසම ඇදගත්තා . ම්ම්...... දැන් නම් මගෙ බඩ ඇතුලෙ කොන්ක්රීට් බිත්ති බැදලා ඇති . දවස් කීයක්ද ...... දෙකක්ද මන්දා . බඩ බුරුල් වෙන පෙත්තක්වත් ගහන්න වෙයි වගේ .
" ඔවෑඈ ..... "
" ඕ ..... ඕ ..... ඇයි අඩන්නෙ අයි අයි මගෙ යෙනූ අඩන්නෙ ඕ...... ඕ..... බඩගිනී මගෙ බබාට
.......... බඩගිනීද "මන් කොට්ටාවලින් වට කරලා තිබ්බ කොල්ලව වඩා ගත්තා . කිරි එක හදාගන්නත් බැරි වුණා . තව ටිකෙන් ආච්චි අම්ම නම් එයි . අභීන් අයිය ගිය දා ඉදන් යෙනූ කිරි බිව්වෙ සූප්පු බෝතලෙන් විතරයි . එයා මගෙ පපුවට කැමති නෑ වගේ තාත්තා ආවහමම තමයි ආයෙ හපන්න පුළුවන් කුක්කු හම්බෙන්නෙ . හුහ් .... ඒවා මටත් අයිතියි හැබැයි .
YOU ARE READING
☯ Yin &Yang ✅
غموض / إثارةYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )