chapter 13 ☯

2.4K 343 17
                                    

" අයියෙහ් ! "

" ති.....තිසරු ඔ......ඔයා ඉස්කෝලේ ගියෙ නැද්ද"

" අයියෙ තමුසෙට පිස්සු ද ? "

අද බදාදා වුණත් ඉස්කෝලේ යන්නැතුව අභීන් අයියව බලන්න ආවෙ පෝය හින්දා . ඒත් මන් කාමරේට එනකොට අභීන් අයියා ඇදේ හිටියෙ නෑ . දවසින් දවස එයා හොද වේගන ආවත් තාමත් වෙනදා වගේ එයාට ඇවිදලා කරලා ඉන්න බැරි වෙද්දි තනියම බාත් රූම් එකට යන්න ඇති කියලා හිතන් මන් උදව් කරන්න ගියත් ඒක ඇරලා දාලා තිබුණත් එයා ඒකෙ හිටියෙ නෑ . වෙනදා කාමරෙන් එන සුවද පවා අද අමුතු වෙද්දි මන් එහෙම්මම බැල්කනියට දිව්වෙ එයා ඉන්නවද බලන්න . ඔව් එයා උන්නා නිල් පාට කිට් එක ඇදන් ඉස්සරහින් පේන බිල්ඩින් දිහා බලන් ලොකු කල්පනාවක . ඒත්............................. ඒත් එයාගෙ අතේ තිබ්බ දේ . ඒක දැක්කහම මට නහුතෙටම තද වුණා . මොන හු## ද මේකා කරන්නෙ .

ඔව් එයාගෙ අතේ තිබ්බෙ සිගරට් එකක් බාගෙට පිච්චිලා ගියපු තාමත් දුම් දාන සිගරට් එකක් .මන් එයා දිහා බලන් ඉද්දිම අහස පැත්තට ඔලුව හරෝපු එයා පුරුදුකාරයෙක් වගේ කටින් දුම් වළාවක් පිට කට කරලා ආයෙම ඉස්සරහයින් තිබ්බ ලොකු බිල්ඩින් දිහා බලන් කල්පනා කරන්න ගද්දි මන් මුලු බිල්ඩිමම දෙදරලා යන්න තරම් හයියෙන් කෑ ගැහුවත් එක්කම එකපාරට බය වෙලා මන් දිහා බලපු අභීන් අයියා තාමත් තැඹිලි පාටට පිච්චි පිච්චි තිබුණ සිගරට් එක අතින් පොඩි කරලා විසික් කරා .මට මට විශ්වාස කරන්න බෑ දෙයියනේ . එ....... එයා එහෙම දේවල් කරන කෙනෙක් කියලා .

" තිසරු ඔයා මො....."

" මොන හු##ද අයියෙ මේ "

" තිසරු මන් ....... මන් "

" මොනා ද ඕයි මේ කරන දේවල් "

" අහන්න තිසරු මුලින්ම ඇතුලට යන්කො ළමයො "

එයා මන් ලගට ඇවිත් මගෙ අතින් අල්ල ගන්න හදද්දි අත ගසලා දාපු මන් දෙපාරක් නොහිතම කම්මුල රතු වෙලා යන්නම පාරක් ගැහුවා .

මූ.......මූ මොන මගුලක් ද මේ කරන්නෙ .

ගහපු පාරත් එක්ක ඔලුව බිමට හරවගත්තු එයා ආයෙමත් කදුලු පුරවන් මන් දිහා බලද්දි ජීවිතේට එයාගෙ කදුලු දැකලා තිබ්බෙ නැති මන් ගැස්සිලා ගියා උනත් මන් ආයෙම රවාගත්තෙ මේ මන් දන්න අභීන් අයියමද කියලා මගෙ හිත කෑ ගහද්දි .

 ☯ Yin &Yang ✅Where stories live. Discover now