" සුදු පුතේ "
දෙයියනේ ආච්චි . මට ටික වෙලාවකට අමතක වුණා මන් විතරක් නෙවෙයි මේ ගෙදර ඉන්නෙ කියලා . දැන් මොකද කරන්නෙ එහෙන් අභීන් අයියා.... නිකන් නෙවේ තුවාල පිටින් . අනික මේ මහ රෑ .ආච්චි මේකව දැක්කොත් බේබිකම පැත්තකින් තියලා දොට්ට දානවා .හයියෝ මොළේ සම්පූර්ණයෙන්ම විකාර වෙලා නහර පැටලිලා වගේ . කරගන්නෙ මොකක්ද කියලා නොතේරෙද්දි ඔව් අන්තිමේට මොලේ කිව්වෙ දොර වහපන් , ඉක්මනට වහපන්.
මන් ඇදෙන් පැනලා දොර දිහාට දුවන්න හදද්දි කකුලක වගේ එහෙකත් හැප්පිලා වැටුනත් ආයෙම දනි පනි ගාලා නැගිටලා දුවන් ගියේ දොර ලොක් කරන්න උනත් ඒ වෙනකොටත් ආච්චි කාමරේට ඇවිල්ලා ඉවරයි .
අනේ දෙයියනේ අද කියන්න වෙන්නෙ මොන වගේ බොරුවක්ද ? මගෙ හාට් එක එළියට පයින සයිස් එකට ගැහෙද්දි මන් ආච්චි දත් ටික පෙන්නලා උගුඩු පැටියෙක් වගේ විරිත්තුවා . සිග්නල් එකෙන් දැක්කනම් ඇඩ් එකට ගන්නවා .
" සුදු පුතේ උබ තාම පාඩම් කරලා ඉවර නැද්ද දරුවෝ "
ආච්චි කිසි වෙනසක් නැතුව ඉන්නවා දැක්කහම මන් පිටිපස්ස හැරුණා . කෝ අභීන් අයියා ............ දැන් මෙතන හිටියනෙ
" න්.....නෑ ආච්චියෙ "
" මොකෝ කොල්ලො උබ බය වෙලා වගේ . උබට තේ ටිකක් හදලා දෙන්නද ? "
" එ...එපා ආච්චි මන් බිව්වා "
" ම්ම්...... අනේ මගෙ කොල්ලට දාඩියත් දාලා . කොහෙද ෆෑන් කෑල්ලක්වක් ගන්න අතේ සල්ලි ඉතුරු වෙනවයැ "
" න්.....නෑ ආච්චි අවුලක් නෑ "
" දැන් ඔය පාඩම් කරා ඇති නොවෑ ගිහින් නිදාගනිම් වෙනදට උබ මේ වෙලාවට නිදිනෙ "
" හා .... ආච්චි හරි "
ආච්චි ආපහු හැරිලා යන්න ගියහම නිවන් ගියා වගේ දැනුනත් ආයෙම මොළේ රත් වුණේ කෝ අභීන් අයියා කියලා . ඔහොම ඉන්න හීනයක් වෙන්න බෑ .අර්ර්ර්හ් මොළේ විකාර වෙලා වගේනෙ .හොල්මනක් නම් වෙන්න එපා දෙයියනේ ...... එස්වාහා පුහ්
" අයියෙ.... "
මන් දොරේ තිබ්බ යකඩ කොක්කෙන් දොර වහලා පුළුවන් තරම් හිමින් කතා කරේ ආයෙමත් ආච්චියා ආවොත් කියලා .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )