කලින් දා ආපු වෙලාවටම කැෆේ එකට ආපු මන් කෙරොලට වෙන්න තිබ්බ සෝෆාවෙ ඉදන් පොතක් බල බල හිටියා . බල බල හිටියා කිව්වට මගෙ හිත තිබ්බෙ පොතේ නෙවෙයි සවිරුවා ඊයෙ මගෙ උරහිසට අතක් තියලා කියපු වචන එක්ක . එවා මගෙ කන් ඇතුළෙ දෝංකාර දෙනවා
" හ්ම්ම් ........ ඒත්....... ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා තිසරු . අන්තිමේදී රිදෙන්නෙ උබටමයි . උබ අවුරුදු ගානක් තනියම ඔය මගුල් හිත හිත හිටියට බලපන් දැන් අවුරුදු හත අටක්ම ගිහින් කව්ද දන්නෙ ඌ බැදල ළමයිනුත් ඇතිද කියලා "
රිදුණා ...... මහ ගොඩක් රිදුණා ඒ වචනවලට. මන් දන්නවා ඒ වචන ඌ හිත රිද්දන්න හිතන් කියපු දෙයක් නෙවේ කියලා . ඌ කිව්වෙම යතාර්තයට මූන දීපන් කියලා වෙනකොට මගෙ හිතේ දුකකටත් වඩා ඊරිසියාවක් මෝදු වුණා . හහ් ..... බැදලා ළමයිනුත් ඉන්නවද තමුසෙට . ඉදපන්කො අයියෙ මන් තවුසෙවයි , ඉන්නවයි කියන මහලොකු ගෑණිවයි තෙලේ දාලා බැද ගෙන කනවා . කාලා ගිලිනවා ඇයි යකෝ මන් අවුරුදු ගණන් බලන් ඉන්නයි තවුසෙ හොදට මගුල් කන්නයි මළ මගුලක්නෙ මේක
පැයයි ........... පැය දෙකයි ................ පැය තුනයි ........... පැය හතරයි . ඔරලෝසු වේ කටු හරි හිමින් එහෙම මෙහෙ යද්දි මගෙ ඇස් මුලු කැෆේ එක පුරාම කරක් ගැහුවා . කෝ දෙයියනේ මේ මනුස්සයා ............. මුලු කැෆේ එකම ගෑනුන්ගෙන් අරක් අරන් තියෙද්දි පිරිමි සේවකයෙක්ට කියලා කැෆේ එකේ උන්නෙ කැශියර් එකේ මනුස්සයා විතරයි .
අනේ මොන හු#තක්ද මටත් වැඩ තියෙනවා ඇයි යකෝ ....... ඊයෙ ආවනම් අදත් එන්න එපෑ හරියටම මොකාද කියලා බලා ගන්නකම් මගෙ හිතට සැනසීමක් නෑ . සැනසීම තියා නිදාගත්තත් ආපහු කැෆේ එකට දුවන් එන්න හිතෙනවා . කැෆේ එකේ කට්ටියගෙන් අහන්න ඕනෙකම තිබ්බත් හිත කිව්වෙම එපා බලන් ඉදපන් කියලා වෙනකොට මන් වරු ගාණක් බලන් උන්න . අවුරුදු අටක් බලන් උන්න එකේ මේක මොකක්ද
" සර්....... "
කන ගාවින්ම ඇහුණු හීනි කට හඩත් එක්ක මන් ඒ පැත්ත හැරිලා බැලුවා . සුදු පාට ගව්මට රෝස පාට ඒප්රන් එකක් දාපු පොඩි කෙල්ලෙක් . කුරුමිණි අඩු වගේ අත පය . සාක්කුවේ ඔබාගන්න පුළුවන් තරම් පොඩී . කලු පාටට දිලිසෙන ඇස් දෙක විතරක් ඉතුරු වෙලා මුලු මූනම කලු පාට මාක්ස් එහෙකින් වැහිලා . මන් ඇයි කියලා අහන්න ඇහි බැමක් ඉස්සුවා . වෙනදා වගේමයි කොච්චර ලස්සන කෙල්ලො දැක්කත් මාර ලස්සනයිනෙ කියලා හිතෙනවා ඇරෙන්න මගෙ හිතට කිසිම හැගීමක් ආවෙ නෑ .
YOU ARE READING
☯ Yin &Yang ✅
Misteri / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )