chapter 12 ☯

2.3K 331 16
                                    

ම්ම් මොකක් හරි ලොකු වැඩක් කරන්න කියලා හිටියා කියලා මතකයි මොකක්ද කියලා මතක් වෙන්නෑනේ ම්ම්ම්හුම්ම් මොකක්ද මොකක්ද ....... පූසව නාවන්න... නැහ් ඊට වඩා ලොකු දෙයක් ම්ම්හ් ඔහ්..... අභීන් අයියගෙ නම්බර් එක සේව් කරගන්න ඕනේනී

මන් එහෙම්මම කාමරේට දුවලා ගිහින් ඩිස්ප්ලේ එක මකුලු දැලක් වෙලා තිබ්බ පෝන් එක අර ගත්තෙ නම්බර් එක සේව් කරගන්න .

මොකක් කියලද සේව් කරන්නෙ . මගෙ පුර හද ......... ම්ම් ඒක හොදයි .

මන් එහෙම්මම වට්සැප් එකට ලොග් වුණේ ෆ්‍රොෆයිල් එක බලන්න . මොකෝ මන් කලින් එයාගෙ පොටෝ එකක් දැකලා තියෙනවා කියලද .ඒත් ඒකෙ තිබ්බ පොටෝ එක දැක්කහම මට තටු ගහලා ගහලා ගහලාආආආආආ අගහරුවලට පියාබන් යන්න හිතුනා .

දවසක් අභීන් අයිය බස් හෝල්ඩ් එකේ කොට කොට හිටපු පෝන් එක උදුරලා අරන් මන් බලේට එයාගෙ බෙල්ල වටේ අත දහලා ගහපු පොටෝ එක . හරියට වැදිලත් ඒක නෑ බොද වෙලා ගිහින් වගේ වුණත් එයා ඒක dp එකට දාගෙන . අනේ මගෙ චූටි හිතට දැනෙන ෆීලින්ග් එක ඔයැයිලට තේරෙන්නෑ ඒයි .

" ආච්චියේහ්......... "

සතුට කොච්චර ද කියනවනම් මන් දුවන් ගිහින් පලා වගයක් සුද්ධ කර කර හිටපු මගෙ රාණි කැටේට උම්මා එහෙකුත් දුන්නා .

" එහට්ට වෙයන් සුදු පුතේ "

" බෑ අනෙව් "

" ගහනව බොට දැන් නෑඹිලියෙන් "

" අපෝ හා හා . මේ ආච්චියේ ඔයා දන්නවද වැඩක් "

" මොකක්ද "

" අභීන් අයියා "

" කවුරු "

" අනේ අර මට උගන්නන්න එන ලස්සන අයියා "

" අනේ රත්තරන් කොලුවා මේ පැත්තෙ ආවෙවත් නෑ නේ . මන් කොලුවට උයන්න කියලා මූදු කුකුල්ලු ගෙනාවත් එක්ක "

" ආච්චියේ ඔයා ඔය සිරාවටමද කියන්නෙ . දෙයියනේ මට ඔහොම සලකන්නෑනෙ ඔයා "

" අනේ නිකන් හිටු සුදු පුතේ මන් නෙවේනම් උබට වෙන මොකාද සැලකුවෙ . දැන් මොකක්ද කියන්න ගියේ "

" එයාව ඉස්පිරිතාලෙ නවත්තලා ආච්චිය්‍ර් "

" සීවරං දෙයියනේ ........ මොකක් වෙලාද සුදු පුතේ ".

 ☯ Yin &Yang ✅Where stories live. Discover now