chapter 10 ☯

2.7K 348 25
                                    

" උවමනාවෙන් හදපන් ඕක "

" ආව්...උවමනාවෙන් තමයි අනේ හදන්නෙ . ගහන්න එපා . මගෙ පිට නෑ වගේ අප්ප "

" උවමනාවෙන් කරනවනම් මෙච්චර ලේසි එකක් වැරැද්දුවෙ මොකද "

" මන් ඒ වගේ එකක් කලින් හදලා නෑ ඉතින් වැරදෙනව නේන්නම් . මොකද මන් සක්කරයද"

" තිසරු.......! උබ ඔය ඇත්තටම ද කියන්නෙ "

" ඔව් ඇයි කන්න වගේ බලන් ඉන්නෙ "

අභීන් අයියා මන් වෙනුවෙන්ම අලුතින් අරන් තිබ්බ පාස් පේපර් පොතක ගණන් හද හද ඉද්දි උඩයි යටයි දෙකේම ඉලක්කන් තියෙන මැද ඉරි කෑල්ලක් තියෙන දෙකක් එකතු කරන්න තිබ්බ . එහෙම එකක් අටේ පන්තියේ හැදුවට පාස්සෙ හදන්නෙ අදමද කොහෙද . මොන ලබ්බක් ද මන්දන්නෑ . හදලා නෑ කිව්වා විතරයි අභීන් අයියා කන්න වගේ බලන් ඉදලා අත් දෙක ඔලුවෙ ගහගත්තා . මොනා නැතත් ඔහොම කරන්න හොද නෑ නේ . ඇයි අප්පා ම්හුම්............ මට ලැජ්ජයිනෙ එතෝට .

" නවත්තපන් ඕක. උබට භාග මුල ඉදලම කියලා දෙන්න වෙනවා . අම්මපා තිසරු උබ නම් මට හමගහන්න හිතෙනවා . උබ නේද පන්තියේ අන්තිමයා "

......................................................

" ආහ්......... "

" ම්ම්........ "

" තොට මන් "

දබොග්ඃහ්.........

" ආව්හ්......... අච්චියේහ්.......... අහ්හ් "

අභීන් අයියා පිට මැදට දඩෝන් ගාලා පාරක් ගැහුවෙ හත්දින්නත් තරු පවා පේන්න වෙද්දි මන් එහෙම්මම ඩෙස් එක උඩ පත බෑවුණා .

" අම්නේ අයියෙ රිදුණා "

" රිදෙන්න තමා ගැහුවෙ . නැගිටපන් හුරතල් වෙන්නැතුව . තමුසෙ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තවමත් කට්ටි පයිනවා නේද ආහ්... "

" අනෙහ්..........."

" කෝ පොත ගන්න "

" තිසරු....! ඒක රිදුණද "

" නැතුව . තවුසෙ අලි මස් කාලා හැදුනට මන් එහෙම නෑ නේ " .

මන් ගණන් හදන ගමන් පිට අත ගාද්දි අභීන් අයියා බය වෙලා වගේ අහලා මගෙ පිට අත ගෑවා . මගුල ගහන්න කලින් හිතන්න එපෑ . බොරු ආදරේ

 ☯ Yin &Yang ✅Where stories live. Discover now