උදේ ඉස්කෝලේ ආපු ගමන්ම අභීන් අයියව හොයන් යන්න හිතුනත් මගෙ හිත කිව්වෙම එපා තිසරු උදෙන්ම මොකාද වගේ හොයන් යන්නෙ මොකටද ගනන් උස්සලා ඉදහම් කියලා වෙනකොට අමාරුවෙන් ඉන්ටවල් එක වෙනකම් ඉවසන් උන්න මන් දඩි බිඩි ගාලා සවිරුවත් පන්තියේ හලලා මැත්ස් සෙක්ශන් එකට ගියේ අභීන් අයියව හොයන්න
පන්තියට යනකොට පන්තියේ උන්නෙ අභීන් අයියා විතරක් වෙනකොට මට ආපහු හැරිලා පන්තියට දුවන්න හිතුනා . මන්දන්නෑ ඇයි කියලා දැන් අභීන් අයියා දැක්කහම මට වෙනදට වඩා ආගන්තුක බවක් දැනුණා .
පන්තියේ එකෙක්වත් නැත්තෙ ඇයි අෆ්ෆා . විභාගෙ ළග හින්දා භාගයක් ගෙවල් අස්සට රිංගන් ඇති අනිත් භාගෙ රෝන්දෙ ගහන්න යන්න ඇති . කොහොමත් ඉස්කෝලේ කා එක්කවත් කතා කරන්නැති මිනිහා තනියෙන් ඉන්න එකත් පුදුමයක් නෙවේ .
හාහ්...... මන් ලොකු හුස්මක් අරන් පපුව පුරවන් පන්තිය ඇතුලට ගියා . එයාට ගාණක්වත් නෑ බර කල්පනාවක වගේ . වෙළහට අර හුචක්කුව ගැන හිතනවා ඇති .
" අයියේ ........ "
මගෙ කටහඩ ඇහුණ සැනින් ගැස්සිලා බලපු අභීන් අයියගෙ ඇස් ලාවට බොද වේගන එද්දි එයා ආයෙම ඇස් ගසලා රවාගත්තා .
" ඇයි ? "
අනේ එයා කතා කරන විදිහට දුක හිතෙනවා දෙයියනේ .
" මට ටිකක් කතා කරන්න ඕනෙ "
" මොනාද ? "
මොනාද ...... අපි දෙන්නට තරම් මේ ලෝකෙ වෙනකාටවත් කතා කරන්න දේවල් නැතුව ඇති අයියේ . ඔයා කොහොමද එහෙම අහන්නෙ ...... දුකයිනෙ මට . මන් හිතුවා විතරයි කියන්න ගියෙ නෑ . කොහොමත් මන් ආවෙ දුක කිය කිය වැළපෙන්න නෙවේ . ඒත් කතා කරන්න වචන නැති වෙද්දි මන් එයා දිහා බලන් උන්නා . මේ ටික දවසට එයා සෑහෙන්න වෙනස් වෙලා . මූණ ඇදිලා ගිහින් . කොණ්ඩෙ පවා අපිළිවෙළකට වැවිලා . වෙනදා තිබ්බ එයාගෙ නීට් එක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා .
" කතා කරන්න තියෙන්නේ ඉස්සර වුණ දේවල් ගැණනම් ...... හයියෝ ඔයාට තේරෙන්නැද්ද තිසරු මන් උබව පාවිච්චි කරා . ඒත් පාවිච්චි කරද්දි මට තේරුණා මන් හිතුව තරම් උබ රස නෑ කියලා .ඉතින් මන් අත ඇරියා සරලයි. උබට ඒකට සල්ලි ඔන්නම් මන් ගෙවන්නම් "
YOU ARE READING
☯ Yin &Yang ✅
Mistero / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )