chapter 27 ☯

2K 323 35
                                    


"ඉස්කෝලෙන් පැනලා උබ මොන මගුලෙද ගියේ "

අභීන් අයියා තාමත් මගෙ කන අත අරින්නැතුව කියද්දි මට තරහා ගියා . ඌ හින්දමයි මට මෙහෙම උනේ . දැන් බොරුවට වද වෙන්න වෙනවා . පුම්බලා උඩ අරින්න හිතෙනවා මගුල .

" කොහෙ හරි තමුසෙට වැඩක් නෑ නේ . කාමරේ බෑග් එක ඇති අරන් යනවා . බොරුවට රග පාන්නැතුව මගුල  "

" සුදු පුතේ කොහොමද උබ ඔය කතා කරන්නෙ මනුස්සයින්ට . මේ ළමයා උබව හොයන්න කොච්චර මහන්සි උනාද . උබ නම් හැදෙන්නෙම නෑ "

ආච්චි ආයෙමත් ඉදලත් උස්සන් දුවන් එද්දි  මන් මොකාද වගේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව කටත් ඇරන් බලන් ඉන්න සවිරුවවත් ඇදන් කාමරේට දුවන් ආවා . එයාලට මට උන දේවල් කියන්න කලින් මන් මෙහෙ වුණ දේවල් දැනගෙන ඉන්න එපෑ .

" යකෝ හු#තො උබ කොහෙද ගියේ . ඉන්ටවල් එකේ ඉදන් උබ ආගිය අතක් නැති වෙද්දී මන් පීරියඩ් දෙකක්ම උබව හෙව්වා . ඉස්කෝලේ ඇරිලත් බලන් හිටියා හු#තො  උබට මෝල්ද?"

" කෑ ගහන්න එපා බන් "

" අනේ මන්දන්නෑ මේ ළමයාත් ..........වයසක උන්දෙක් එක්ක ඉන්නෙ කියලා තේරෙන්නැති හැටි. මට පපුවෙ අමාරුව හදවනවා කොයි වෙලේ හරි මේකා .පුතා ඉදගන්නකො මන් තේ කෝප්පයක් හදන් එනකම් "

ආච්චි අම්මා අභීන් අයියත් එක්ක මට බයින සද්දෙ එළියෙන් ඇහෙන්න ගත්තහම මට තේරුණා අභීන් අයියා තාම ගිහින් නෑ කියලා .

" කෑ ගහන්න ...... කෑ ගහන්න නෙවෙයි උබව මරන්න තියෙන්නේ . යන තැනක කියලා යන්න තිබ්බනෙ බල්ලො . ඇයි උබ හිතුවද කියලා ගියොත් උබේ කට කැඩෙයි කියලා  "

" හරි ඒයි.... ඒ වෙලාවෙ එහෙම දේවල් මතක් වෙන්න තරම් සිහියක් තිබ්බෙ නෑ ඒයි . මෙහ් මෙහෙ මොකද වුණේ කියාම්කො "

" මොකද වුණේ ......... තෝ හින්දා මන් තව ටිකෙක් අර අභීන් කාරයගෙන් මැරුම් කනවා"

" මුල ඉදලා කියාම්කො "

" කියන්නම් හුත්#  . මන් ඉස්කෝලේ ඇරිලත් උබව හොයපු හින්දා මගෙ බස් එකත් මාව දාලා  ගිහින් මගුල . මන් යන්න එකක් නැතුව කැරකි කැරකි ඉද්දි උපාලි සර් දැකලා මගට ගිහින් දැම්මා උන්දැ හිටියෙ නැත්තං මන් තාමත් මහ පාරේ . උබ හින්දා.... "

 ☯ Yin &Yang ✅Where stories live. Discover now