ගෞව්රව අයියා මගෙ කරට අතකුත් දාගෙන හෝල් එක ඇතුලට ඇදන් යද්දි මාත් මොකාද එකා වගේ ඌත් එක්කම ඇදිලා ගියා . එතන හිටපු සිකියුරිටි ගාඩ් නර අපාය වහගන හිටපු පතාර දොර අරිනවත් එක්කම මන් බලාපොරොත්තු වුණේ ඇස් කඩන් යන එළියක් උනත් මුලු හෝල් එකම අදුරු පාටයි . තද දම් පාට එළියක් එක්ක මික්ස් වුණ ළා නිල් පාට එළියකින් හෝල් එක වැහිලා තිබ්බා උනත් හෝල් එකේ සමහර තැන් නොපෙනෙන තරමට හෝල් එක අදුරුයි . මේ අන්දකාරෙ අස්සෙ අද අනිවාර්යයෙන්ම මනුස්සයෙක් මැරෙයි . එක්කෝ බිස්නස් ෆීල්ඩ් එකට අලුතෙන් ආපු එකෙක් නැත්තං කීමට පිට ගිහින් හිතුමතේ වැඩ කරන එකෙක් . සමහරවිට .......එකෙකුට වඩා වැඩි වෙන්නත් , එහෙම නැත්තං මරණයක් නොවෙන්නත් පුළුවන් .
එක්කෝ මේ පාටිය නියම පාටියක් වගේ ඉවර වෙයි , එක්කෝ පාට පාට ඇදන් ආපු මිනිස්සුන්ගෙ විලාප අස්සෙන් ඉවර වෙන පාටියක් වෙයි එහෙමත් නැත්තං ........... වෙන්න ඕන හැමදේම සිද්ධ වෙලා මොකුත් නොවුණ ගානට ඉවරවෙන පාටියක් වෙයි . කව්ද ගනන් කරන්නෙ ආපු ගානයි ආපිට යන ගානයි ..............................
වහලෙ පුරා රතු පාට නිල් පාට එළි තාලෙට ඒ මේ අත නටද්දි අන්ධකාරෙ අතරින් සමහරුන්ගෙ මූණු හරියට නොපෙනුනත් ඇදුම් දිලිසෙන්න ගත්තා . මේසවල පත්තු කරලා තිබ්බ ලොකු රතු පාට ඉටිපන්දම් දැල්ලෙන් මේසෙ වටේ විතරක් එළිය වෙද්දි සමහරු දැනටමත් වැඩ පටන් අරන් තිබ්බා .
අනෙව් යකෝ මට යන්න බෑ ......... මට දැනුනෙම ඇතුළෙ හිටිය ඔක්කොම උන් මන් දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් වෙද්දි වැඩිය වට පිට නොබලබු මන් හරි අපහසුවෙන් ගෞව්රව අයියට කිට්ටු වෙලා ඇවිදන් ආවා
" සර් අතන ටේබල් එක "
එතන්ට ආපු වේටර් කෙනෙක් රතු පාට රෙද්දක් එළලා තිබ්බ ටේබල් එකක් පෙන්නද්දි ගෞව්රව අයිය මාවත් ඇදන් එතන්ට ගියා . කරුවල හින්දා මුලින් තිබුණු චකිතය ටිකෙන් ටික නැතිවෙද්දි ආයෙම මගෙ ඇස් වටේ කැරකකෙන්න ගත්තා . ඔව් .......... මගෙ ඇස් හොයන්නෙම අභීන් අයියව .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )