" ඒ කියන්නෙ ගෞව්රවයත් උබව මේ විදිහට බදාගන්නවා නේ ම්ම්.... "
" අ.....අයියෙ
කන කිති කවාගෙන අභීන් අයිය නපුරු කට හඩ ඇහෙනවත් එක්කම මෙච්චර වෙලාම සාමකාමී විදිහට ගැහි ගැහී තිබ්බ හදවත ආයෙම රේස් යන්න ගත්තා වෙනකොට මන් පුළුවන් උපරිම වෙර දාලා අභීන් අයියගෙ අත්වලින් ගැලවෙන්න හැදුවත් මට වුණේම ඒ අත්වලට පැටලිලා එයත් එක්කම පිටිපස්සට ඇදෙන්න .
" අ....අයියෙ කොහෙද මනුස්සයො ඇදන් යන්නෙ මාව අතාරිනවා පිස්සු ද "
මන් ඒ පිම්බිච්ච අත්වලට ගහන ගමන් කොච්චර දැගලුවත් කොච්චර කකුල්වලින් කෙලින් හිටගන්න හැදුවත් ඒ ගැන වගක්වත් මායිම් නොකරපු අභීන් අයිය පස්සෙන් පස්සට මාව ඇදන් ගිහින් කරුවල මුල්ලක් ලග නැවතුනේ ඒ ළගට වෙන්න තිබ්බ රතු පාට ඉටි පන්දම සේරම බිම පෙරලලා නිවලා දාන ගමන්
" අ.......අයියෙ මට යන්න දෙනවා ආහ් ... ආව් "
මෙච්චර වෙලාම අභීන් අයියගෙ පපුව අස්සෙ හිර වෙලා තිබ්බ මගෙ කොන්ද අභීන් අයිය විසික් කරපු පාරට ගිහින් බිත්තියක වදිද්දි වැදුණ සැරට මට කෑ ගැහුනා . ඉස්සරහින් හෙළවෙන ඡායාවක් පේනවා ඇර අන්ධකාරෙ අස්සෙන් මට ඒ මූණ තියා කිසිම දෙයක් නොපෙනෙද්දි මගෙ හිතට ඔක්කොටම වඩා බයක් ආවා . මොකද මන් ඉස්සරහ ඉන්නෙ නිකන් මිනිහෙක් නෙවේ....... පාතාලෙ එකෙක් ඒකත් ඉන්න පුළුවන් හොදම භයානකම එකා
හයියෙන් හයියෙන් හුස්ම ගන්න සද්දෙ ඇරුණහම එක වචනයක්වත් ඒ කටින් පිට නොවෙද්දි මන් කරුවලේම උනත් අතපත ගාන් ආයෙ යන්න හැදුවා . ඇයි යකෝ මේක මාර මගුලක් උනානේ . උට ඕනෙ වෙලාවට විසික් කරන්නයි ආයෙම ඇදන් එන්නයි මන් සෙල්ලම් බඩුවක්ද මගුල .
" ගෞව්රව ළගටද දුවන්නෙ ම්ම් ....... "
යන්න හදපු මගෙ කන් ගාවින්ම ආයෙම ඒ කටහඩ ඇහෙද්දි මන් නැවතුනා .මගෙ කට නලියනවා දාහක් දේවල් කියන්න ඒත් අන්තිමේට මන් දෙන්න පුළුවන් කෙටිම උත්තරේ දුන්නා .
" ඔව් .........
" ආයි පිස්සුද අයියෙ මොන මගුලක්ද තමුසෙට වෙලා තියෙන්නේ "
ඔව් කියලා යන්න හදපු මාව ආයෙම බිත්තියට තල්ලු කරද්දි මට මළපැන්නා . මට උගෙ ඔලුව ගලවන් කන්න හිතුනා . බය පැත්තකට දාපු මන් ඊළග පාර හයියෙන්ම කෑ ගැහුවා .. මන් කෑ ගැහුවත් ආපිට උත්තරයක් නැති වෙද්දි මන් ළාවට පේන ඡායාවෙ කොලර් එකෙ ඇදලා අල්ල ගත්තා
YOU ARE READING
☯ Yin &Yang ✅
Misterio / SuspensoYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )