chapter 45 ☯

2.3K 336 46
                                    

" ආහ්ව් ....... ආච්චියෙහ් "

එකපාරට නැගිටින්න හැදුවත් ඉනෙන් යන්තම් ඉස්සුනා විතරයි බඩ කැක්කුම් අල්ලද්දි ආපිට ඇදේ පෙරලුණ මන් වටපිට බැලුවා . කාර් එකක් ඇතුළෙ හිටිය මන් ආපහු නැගිටිද්දි කාමරයක් ඇතුළෙ .කොහොමද ආවෙ මෙලෝ දෙයක් මතක නෑ . මරු මැරුණත් මෙච්චර තමයි

තනි සුදු පාට තීන්ත ගාපු කාමරයක් ......... මන් ඉන්න ඇදයි , අල්මාරියයි , එක එක වර්ගවල beauty products  ගොඩක් පුරවපු කණ්නාඩි මේසෙයි , පොත් මේසෙයි ඒ එක්කම තියෙන පොත් රාක්කෙයි ......... කාගෙද මේ කාමරේ

ඊයෙ මන් හිටියෙ අභීන් අයිය එක්ක එතකොට ඒ කියන්නෙ ...... මේක අභීන් අයියගෙ කාමරේද .... ? යොහ් ......... කව්ද හිතුවෙ මේ ටික දවසට මෙච්චර දේවල් වෙයිද කියලා . අන්තිමේට මේ තිසරු අභීන් අයියගෙ ඇදත් නිදාගත්තා .වැඩ්ඩෙක් තමයි .

ආපහු හරි හිමින් නැගිට්ට මන් ඇද උඩ ඉදගනිද්දි මෙච්චර වෙලාම මාව වහගෙන හිටිය බෙඩශීට් එක ඇගෙන් පහළට රීටුවා .

අම්නෙහ්.......අභීන් අයිය මගෙ ඇදුම් ගලෝලා . ම්හුක් ලැජ්ජයි මේ ළමයට 👉👈. ඇගේ සන්තකේට කියලා තිබ්බෙ ඊයෙ ඇදපු බොක්සර් එකයි අභීන් අයිය දාපු මාලෙයි විතරයි වෙනකොට කොහෙවත් නැති හුළගක් කාමරේට එද්දි මන් පපුව වටේ අත් දෙක බැදගත්තා .

ඒත් එක්කම පැත්තෙන් තිබ්බ කණ්නාඩි මේසෙන් මාවම දකිද්දි මට හීල්ලුණා . මුලු මූනෙම ප්ලාස්ටර් අලෝලා , දකුණු අත සම්පූර්ණයෙන්ම වෙළලා ,  බඩටත් මොනා හරි ගාලා ඒමදිවට ඒකත් ඔතලා , උරහිසෙත් ප්ලාස්ටර් එකක් ගහලා ...... යකෝහ් .......... මමියක් වගේනෙ ..... අර පොඩි තුවාල ටිකට මෙච්චර දනස්කන්ධයක් නාස්ති කරපු කෝටිපතිය මොකාද .

ඇගේ තිබ්බ ප්ලාස්ටර් ගාන ගැන ගැන ඇදෙන් නැගිටපු මන් හැදුවෙ කාමරෙන් එළියට යන්න උනත් ලාවට වගේ ජනේලෙන් දැක්ක ඡායාව හින්දා මන් එහෙම්මම නතර වුණා .


ටහඩු........ ආච්චි දෙයියනේ ...... මෙච්චර වෙලාම ගානක් නොගිය වතුර මෝටරේක සද්දෙ ආයෙම ඇහෙන්න ගනිද්දි දඩි බිඩි ගාලා ජනේල ලගට ගියපු මන් පහළ බැලුවා .......... ඔව් ඔව් රාණි කැටේ තමයි . එයැයි මිදුල අතුගානවා ....... මිදුල කියන්නෙ ඒකත් මේ ළමයගෙ පුංචි ගෙදර මිදුල ...........  මේ සප්‍රයිස් වෙන සප්‍රයිස් විල්ලට තව ටිහිකින් මට පිස්සු හැදෙනවා දෙයියනේ .ඒකද අභීන් අයිය කිව්වෙ හැමදාම මාව දකිනවා කියලා ...... ඒත් මට අඩුම මේ ගෙදර මනුස්සයෙක් ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ නේ ..........

 ☯ Yin &Yang ✅Where stories live. Discover now