අභීන් අයියගෙ මූණ බලාගෙන ඉද්දිම කලු ගැහෙද්දි මන් තාමත් තොල්වලින් හිනා වේගන ඒ ඇස් දිහා බලන් හිටියා .ඒත් එයා කෙරුවෙම පුළුවන් තරම් මගෙ ඇස් මග ඇරපු එක .
" රෝවෙර් වාහනේ ගනින් "
අත් දෙකෙන්ම මාව උස්සගත්තු අභීන් අයිය කාටද වාහනේ ගන්න කියලා කෑ ගහන ගමන් මාවත් උස්සන් ඉස්සරහට යන්න ගනිද්දි මන් ඒ පපුවට ඔලුව හේත්තු කරගත්තා . කොච්චර කොහොම උනත් එතන හරි සැනසීමයි දෙයියනේ .අභීන් අයියගෙන් ගුටි කාලා හිටිය උනත් හිතට අමුතු සහනයක් දැනුනා . ගෞව්රව අයියා නිකරුනේ ගුටි කෑවා කියන එක සතුටු වෙන්න ඕනෙ කාරණාවක් නොවුනත් .................... අභීන් අයිය ගෞව්රව අයියට ගැහුවෙම ඊරිසියාව හින්දදෝ කියලා හිතට දැනෙද්දි වේදනාව දෙපිටින් සතුටු උතුරලා ගියා .
ගෞව්රව අයියට තරම් සැරට පාරවල් වැදුන්නැති උනත් ඇගේ තැනින් තැන කකියනවා වෙද්දි මට ඕන උනා ගෞව්රව අයියට කොහොමද කියලා බලන්න . මොකද පාරවල් තුන හතරක් කාපු මන් මේ විදිහට නහයෙන් කටින් ලේ පෙරන් ඉන්නවනම් අච්චර ගුටි කාපු ගෞව්රව අයිය ජීවත් වෙනවද දන්නෙත් නෑ දෙයියනේ ................
•
°
•
°
ඒත් ............ මට බෑ ප්‍රශ්න තවත් අවුලන්න........... මට බෑ අභීන් අයියගෙ හිතේ උඩු දුව දුව තියෙන සෑකේට ඉනිමන් බදින්න එහෙම උනොත් අපි දෙන්නා අතර තියෙන මේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නැති වෙයි . ඉතින් මට වෙනවා කට පියාගෙන එයා එක්කම යන්න . ගෞව්රව අයිය ගැන තුරුලි අක්කා බලා ගනී . කොහොමත් මේ හැම ප්‍රශ්නෙකටම මුල තුරුලි අක්කනෙ . එයාම බලාගත්තුදෙන්
මන් තේරුම් ගන්න ඕනෙ මන් ඉන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක නෙවෙයි කියන එක . එක පැත්තකින් අභීන් අයිය කියන්නෙ ලෙඩෙක් අනිත් පැත්තෙන් පාතාලෙ ලොක්කෙක් ........... ඉතින් අභීන් අයිය කියන්නෙම ප්‍රශ්න ඇතිකරගන්න තියා කතා කරන්නවත් හොද මිනිහෙක් නොවෙද්දි කොහෙවත් ඉන්න ගෞව්රව අයියවත් මේවට පටලවන්න හොද නෑ .
කලු පාට කාර් එකේ දොර ඇරලා මාව හරි පරිස්සමට වාහනේ තියපු අභීන් අයිය මට එහා පැත්තෙන් වඩා වෙද්දි රොවරේද මොකාද මන්ද කියන මනුස්සය ඉස්සරහ ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි වුණා .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystère / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )