කාර් එක එහෙම්මම උඩහ පාරට හරෝපු මන් චූටි ගුරු පාර දිගේ ගිහින් කැලාවක් අස්සෙ හැංගිලා තිබ්බ එලියට ව්තරක් ගරා වැටිච්ච ඇතුළෙන් සුඛෝපභෝගි ගෙදර ඉස්සරහින් නැවැත්තුවා . ඇතුළෙන් කිව්වට පොළොව යටින් තමයි ඒ කෑල්ල තියෙන්නේ . වාසල ඇමතිතුමාගෙ හොර බඩු ඔක්කොම කොන්ත්රාත්කාරයො හම්බෙනකන් හංගන් ඉන්නෙ මෙතන .
මන් වාහනේ නවත්තලා බහින්නත් කලින් කැස්පර් වාහනේ දොර ළගට වෙලා හිටන් ඉන්නවා . මූණ දිහා බලපුහම පේනවා අද ඇමතියගෙ කෑමවලටත් වඩා හොද කෑමක් හම්බෙලා තියෙන බව . සතියක්වත් බෙහෙත් බදින්න වෙයි වගේ .
" බොස් පෙට්ටි ඔක්කොම ඉස්සුවනෙ "
අරූ වාහනේ දොරත් ඇරන් කෑ ගැහුවා .
" ඇයි උස්සනකම් තමුසෙලා අත් බැදන් බලන් උන්නද ? "
" නෑ බොස් අපේ කොල්ලො භාගෙට භාගයක්ම වෙරි පිට හිටියෙ මායි තව කොල්ලො දෙන්නෙකුයි තමයි සිහියෙන් හිටියෙ . හයේ හතරෙ පොරවල් දහයක් දොළහක්ම කඩන් පැන්නනෙ යාන්තමට එකෙක් අල්ල ගන්න පුළුවන් වුණා "
" පෙට්ටි කීයක් ඉතුරුද ? "
...................................
අරූ අහස පොළොව ගැට ගහන්න වගේ උඩ බිම බලනවා
" මොකද උඩ බිම බලන්නෙ "
" ඔක්කොම උස්ස....... "
" ආහ් ......මරු නියමයි කට්ටියටම ඇමතියගෙන් හම්වෙයි හොද සම්බුවක් "
මන් අප්පුඩියකුත් ගහලා කියද්දි අරූ මූණ දෙක කරගත්තා . ඔය මූණට ඇමතියගෙ ඩෝසර් අතකින් ද්මලා ඇරියොත් රොටියක් වෙලා තමයි නවතින්නෙ .නිකන් නෙවෙයි කිරි රොටියක්
" දැන් මොකද අරූ කියන්නෙ "
යට තට්ටුවට තියෙන පඩිපෙළ බහින ගමන් මන් අරූගෙන් ඇහුවා . හම්මේ අර යකා එනකම් ඉදන් ඉදලමද කොහෙද පස්සත් රිදෙනවද මන්ද
" කට හොල්ලන්නෑ බොස් "
" දෙකක් අයින්න එපෑ . අනේ කුක්කු බබෝ ආ සූප්පුව කියලා හුරතල් කරහම උබ හිතුවද ඌ
හොවෑ ගාලා ඔක්කොම කියයි කියලා "" ඇමතිතුමා කිව්වා බොස් එනකන් මොකුත් කරන්න එපාය කියලා "
" අනේ ඒ ගොන් බිජ්ජත් බලන් ඉන්නෙ මටම පව් පුරවන්න . මන් ගැහුවා කියලා ඇයි උගෙ කට අමුතුවෙන් වැඩ කරනවද දන්නෑ "
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )