තවත් අලුත් දවසක්...
ඉස්කෝලේ කළු පාට ගේට්ටුවෙන් ඇතුලටම එනකොට තියෙන බුදු පිළිම වහන්සේ දකින ඕනම කෙනෙක්ගේ හිතෙ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක කරවනවා කිව්වොත් මං නිවරදි..." මගෙන් අද කිසිම වරදක් සිදු නොවේවා"
බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන මම හිමීට ප්‍රාර්ථනා කලා....
අදට මම මේ ඉස්කෝලෙට ඇවිත් සතියක් ගෙවිලා ගිහින්...මට මගේ පරණ මතකයන් පරණ යාලුවෝ අමතක කරගන්න බැරි උනාත්... මම මේ පරිසරයට ආස කරන්න අරන් කියලා මට හිතුනා... බොරු කියන්න ඕන නෑනේ සිරාවටම මේ ඉස්කෝලේ මාර ලස්සනයි.. හරියටම කිව්වොත් මාත් දැන් ඉතින් Nayakenz කොව්වෙක්. ගැම්මක් තමා ඉතින්
මේ ඉස්කෝලේ තියෙන්නේ 6 ඉදලා ඉහලට යනකම් විතරයි.. ඒ නිසා මෙහෙ පොඩි එවුන් කියලා ඉන්නේ 6 උන් ටික විතරයි... අම්මා කියපු විදිහට මේ ඉස්කොලෙට එන්න කොළඹ ඉස්කෝල වල තරම්ම තරගකාරිත්වයක් තියේලූ...
ඒත් මං මේ ඉස්කෝලෙ දැකපු විශේෂත්වයක් වෙන්නේ... ඉන්න හැම කොල්ලෙක්ම පුළුවන් තරම් නිදහසේ හිටියා.. ඒක උන් පිටින් නොපෙන්නුවට උන්ගේ මූනවල් දිහා දැක්කම මට තේරුම් ගන්න පුළුවන් උනා...
ඒත් මම හිටපු පරිසරයත් එක්ක මේ නගරය බලද්දි හරියට අහසට පොළව වගේ උනා....
මට මේ දැනෙන නුහුරු බව නිසාම මට ආය මගේ ගෙදරට යන්න ඕන කියන දේ මගේ හිතට වද දුන්නා... ඒත් කොච්චර නෑ බෑ කිව්වත් මේ ඉස්කෝලේ ඇතුලට පය ගහන්න හේතුවක් නොතිබුනාම නෙමෙයි..
" අඩෝ ගුඩ් මෝනිම් බොසා"
" මම පංතිය ඇතුලට එනකොටම යසිරුවගේ බෙලෙක්ක කට ඇහුනා..."
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25