තිස් අටවන හුස්ම

413 40 3
                                    


" රුචිරු මන් දෙයක් අහන්නද "

"ම්ම් '..

" තමුසෙට බය නැද්ද මෙහෙම පිරිමියෙක් එක්ක තුරුල් වෙලා ඉන්න "

"ආව්හ්.. ඕයි ඕයි හපන්න එපා බන් නිකන් මන් කිව්වේ "

" මන් මොකට බය වෙන්නද තමුසෙ මගේනේ "

"  දැන් උබත් පටන් ගත්තා නේ තමුසෙ තමුසෙ ගාන්න "

මට තේරෙන්නේ නෑ මේ හිතට දැනෙන හැගීම වචන කරන්නේ කොහොමද කියලා.. තමන් ආදරේ කරන එකා හරි එකී ලග හරි හුරතල් වෙන එක වෙනමම හැගීමක්.. රුචිරු පවා මන් විදින විදිහටම ඒ හැගීම විදිනවා කියන්න මන් දන්නවා..

" අධීර මන් උබට ආදරෙයි "
මන් කිව්වෙ එයාගේ කම්මුල දිගේ මගේ ඇගිලි තුඩු යවන ගමන්..

" මොකද බන් ඔහොම බලන්නේ.. ඒකනේ තමුසෙගේ ඇත්ත නම.."

" .............................."

" අනේ කතාකරපන්කෝ බන් මොකාද වගේ බලන් ඉන්නේ...අනික ම්ම්ම්ප්හ්"

මගේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු එයා එක පාරටම මගේ තොල් වලට පහත් වුනේ මගේ මුළු ඇග පුරාම කරන්ට් වැදුනා වගේ ෆීලින් එකක් එද්දි....

එයාගේ තොල් හරි සිනිදුයි.. වගේම රසයි.. එයාට ඇති වෙනකම් කිස් කරන්න ඉඩ දීලා මන් ලාවට වගේ එයාගේ ඔලුව අතගෑවා.. විනාඩියක් නෑ ඕන්නම් දෙකක් යන්න ඇති එයා මගේ තොල් වලින් ඈත් වුනේ ඇස් දෙකේම කදුලු පුරෝගෙන..

" රුචිරු ඇයි රත්තරනේ මේ ඇස් වල කදුලු "

මම එයාගේ කම්මුල දිගේ පෙරුණු කදුලු බිංදුවක් මගේ ඇගිලි තුඩට ගනිද්දි එයා කිසිම වචනයක් කියන්නේ නැතුව මගේ පපුවට තුරුලු වුනා..

" මට බයයි සත්සර.. ආයෙමත් සැරයක් මේ හැමදේම නැති වෙලා යාවි කියලා මට නොසෑහෙන්න බයයි.."
එයා කිව්වේ මගේ පපුව එයාගේ කදුලු වලින් තෙත් කරන ගමන්

"  රුචිරු.. ඔයා සූරියකාන්තමල් දැකලා තියෙනවද..."

".................."

"මන් අහන දේට උත්තර දීපන්කෝ බන්.."

" දැකලා තියේ..."

" සූරියකාන්තමල ඉපදුනේම ඉර වෙනුවෙන්.. උදේ ඉදන් හවස් වෙනකම්ම ඉර හැරෙන හැරෙන පැත්තට හැරිලා බලන් ඉන්නේ එයාගේ ආදරේ වෙනුවෙන්.. කොච්චර දුරින් හිටියත් එයාගේ ආදරවන්තයගෙන් එක බැල්මක් හරි ලැබේවි කියන බලාපොරොත්තුවෙන්... ඒත් අවසානෙටම වෙන්නේ එයාගේ බලාහිදිල්ල බලාපොරොත්තුවක්ම විතරක් වෙලා පරවෙලා බිමට වැටෙන එක.. හරියට ඉර වෙනුවෙන්ම ඉපදිලා ඒ වෙනුවෙන්ම කැප වෙලා අන්තිමේදී ඒ කැප කිරීම නිසාම මැරිලා වැටෙන එක.. සූරියකාන්තමල අහිංසක ආදරවන්තියක් වුනාට ඉර කියන්නේ ආඩම්බරකාර නපුරෙක් විතරයි.. එයා කවදාවත්ම තේරුම් ගත්තේ නෑ එයා වෙනුවෙන්ම නැහෙන සූරියකාන්තමලේ තිබුන වේදනාව"

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now