" අනේ අම්මා..
මාව ගිහින් දාන්නකො..
මට ඉන්න බෑ අප්පා මෙහේ.."" පුතා මම දැන් ඔයාට සිය පාරකට වඩා කිව්වා අපි මෙහෙන් යන්නේ නෑ කියලා.. ඔයා එහෙදි නැටුවා හොදටම වැඩි...
අනික ඔයා දැන් පොඩි ළමෙක් නෙමෙයි නේ.. AL කරන ළමෙක් කියන්නේ මීට වඩා වගකීමක් දරන්න පුළුවන් ළමෙක් වෙන්න ඕන..."" ඒ උනාට අම්මේ ඒ ඉස්කෝලෙ ඉන්නකොට හරියට ගෑනු ගොඩක් මැද ඉන්නවා වගේනේ.."
"මොකක්...
පුතා ඔයා යන්නේ boys school එකකට.. ඒකේ කොහෙද ගෑනු ළමයි"" ඒක තමයි නෝනේ මාත් බැලුවේ...
හරිනම් මම නේ බය වෙන්න ඕනී.. මමනේ ගෑනු ළමයි ගොඩක් මැද්දට යන්නේ.." සුවහස්,
ඔයා පොඩ්ඩක් කට වහගෙන ඉන්න..මං මේක පුතණ්ඩියා එක්ක විසද ගන්නකන්...මං හිතන්නේ අපේ අප්පුච්චා අම්මට බය උනා.. අම්මා එක වචනයයි කිව්වේ මෙයා මීක් සද්දයක් නෑ.. මොනවා උනත් අම්මා අප්පච්චිව ගානට හදාගෙන ඉන්නවා.. ඕක තමයි අර කට කහනවට කියපු වචනයක් තියෙන්නේ, බිරිද සැමියාගේ දෙවියාය කියලා..
" මොකද තනියම හිනාවෙන්නේ..
" නෑ නෑ අම්මේ දෙයක් මතක් උනා..."
" දැන් කොහොමද පුතා ඔයා කියන්නේ ඔයා යන්නෙ ගෑනු ළමයි ගොඩක් මැදට කියලා..."
"අම්මේ මෙහෙමයි..
අප්පච්චි ඔයාත් එන්නකෝ.."" මං අම්මවයි අප්පච්චිවයි එයාලා ඔන්ලයින් පංති කරන කාමරේට ගෙනත් වාඩි කෙරෙව්වා.. ඇයි අප්පා මෙයාලට දෙයක් තේරුම් කරන්න උගන්නන්නම වෙනවා.. ගුරුවරු හින්දද මන්දා.."
"හරි දැන් පොඩි සර් මොනවද අපිට තේරුම් කරන්න යන්නේ"
අප්පච්චි අත් දෙකත් බැදගෙන ඇහුවා..
(නියමයි අප්පච්චි ඔයා නම් පුතාට පුල් සප් එක වගේ)" මෙහෙමයි අම්මා..
මෙහෙමයි අප්පච්චි .. ." මෙහෙමයි මෙහෙමයි ගාන්නේ නැතුව කියන එකක් කියපන් බන්"
" පොඩ්ඩක් ඉන්නකො අප්පච්චි.. බාල්දි ලෝඩ් කරන්නේ නැතුව.. මං ගානට මේක පටන් ගන්න.."
මං වැඩ්ඩා වගේ අම්මගේ මාර්ක පෙන් ටිකත් අරගෙන වයිට් බෝඩ් එක ලගට ගියා..
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Roman pour Adolescentsඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25