නමවන හුස්ම

566 56 3
                                    


" ඕයි නිතුමා.."
අන්න උබල සෙට් එකට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා.."

" හෑහ්...
ඒ මක්කටැයි බන්.."

" මොන මක්කෙටද කියලා දන්නේ නම් නෑ යසිරුවෝ.. මන් දැක්කා ටෙක් එකේ උන් දෙන්නෙකුත් ඔෆිස් එකේ ඉන්නවා"

" මල සේකයි..
අඩෝ...

හුත්තෝ...

නිතුමො... සමීරයො... ෂෙහනයෝ
බඩු පත්තු වෙලා වගේ ..

උදේ පාන්දරම ටිකිරි හිනාවක් දාගෙන කවදාවත් නැතුව අති උත්තම පංති නායකයා ඇවිත් පිනා එන්න කියලා ආරංචිය දෙනකොටත් අපි සෙට් එක දාගෙන බත් එකක් ගිලින ගමන් හිටියේ.. අදත් ඉතින් ඉවරයි.. කාපුව දෙපිටින් යන්න මුගෙන් කාපන්කෝ අද..

" ඒ නිතුමා මට බයයි බල්ලෝ..
පිනාට අරුන් අපිව පාවා දීලා බන්..
බේසාවෝ දෙන්නා ඕකුන්ව මන් අතාරින්නේ නෑ හම ගහනවා..."

"කෑ නොගහා හිටු ෂෙහානයෝ..
බලමු පිනා එක්ක ශේපක් දාගන්න පුළුවන්ද කියලා"

අද අපේ සස්මිතයගේ පින කියන්නේ උට අද වැඩක් වැටිලා ඉස්කෝලේ ආවේ නෑ.. වැඩක් කියන්නෙ මහ ලොකූ......හනේ පිස්සුද මහ වැඩක් නම් කමක් නෑ උගෙ ගෙවල් පැත්තේ දානේ ගෙයක්ලු.. ඕකා මල පේරෙතයා වගේ දානේ කන්න ගෙදර හිටියා.. උගෙත් පින තමා පින..

සස්මිතයා නම් දානේ කයි ඒත් අපි හතර දෙනාට නම් අද හීල් දානෙයි, දවල් දානෙයි,ඊටත් පහුවෙනිදා හීල් දානෙත් එක්කම සෙට් වෙන්න වගේ යන්නේ.. පිනාගේ සුන්දර නොකැලල් මූන මැවි මැවී පේනවා වගේ අප්පා.. අදත් දෙයි ඉතින් පුක පැලෙන්නම...

අපි හතරදෙනා එක්ක හොර බළල්ලු වගේ ඔෆිස් එක පැත්තට යද්දි ටෙක් එකේ සත්තු දෙන්නත් ඉන්නවා දාහට අරන් සීයට දීලා වගේ... තොපි ඔහොම හිටපියව්කෝ ගේට්ටුවෙන් එලියට ආවම අඩු කඩනවා තොපි දෙන්නගෙම..

"ඌහ්... කකුල බල්ලො මගේ"
පාගන්නේ නැතුව හිටුකෝ සමීරයෝ.
බලපන්කෝ නිතුමෝ මූ...

"ඔය ෂර්ට් එක යට කරගනින් බේසෝ..
උබ හදන්නේ අපිට ඩබල් කෙලවන්න"

ෂර්ට් ඔක්කොම ගානට යට කරගෙන කොන්ඩෙත් අතින් පැත්තට හදාගෙන යහපත් සිරිමත් දරුවෝ වගේ අපි අතිඋත්තම පිනාගේ අඩවියට අඩිය තිබ්බා.. යනකොටත් මේ යකා මූන දෙක කරගෙන හදාගෙන ඉන්නවා අපි එනකම්ම මග  බලන් හිටියා වගේ..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now