තිස් පස්වන හුස්ම

366 43 1
                                    

" අධීර අපි මෙතනින් කොහෙටද යන්නේ.."

"දන්නේ නෑ.. ඒත් කොහෙහරි යන්න තැනක් හොයාගන්න වෙයි.."

අපි තුන් දෙනා සැබෑ ලෝකෙට ආවත් අඩුම අපි ඉන්නේ කොහෙද කියලවත් හොයාගන්න බැරි තරමටම අපි අසරණ උනා..  අපේ ජනපදෙ කාලය බුද්ධ වර්ෂ වලින් මැන්නත් සැබෑ ලෝකේ ඊට වෙනස් විදිහකට කාලය මැන්නේ.. මන් හිතන්නේ අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ වර්ෂ එක්දහස් හත්සිය ගනන් වල.. සැබෑ ලෝකෙයි අපේ ජනපදයයි කියලා කිසිම වෙනසක් තිබුනේ නෑ වගේම අපි වගේ සාමාන්‍ය මිනිස්සුමයි මේ ලෝකේ හිටියේ.. තිබ්බ එකම වෙනස අපේ ආධ්‍යාත්මික ශක්තිය එයාලට වඩා උපරිම එක විතරයි..

" මාමා මේ කොහෙ පලාතද "

ආකාශ්වරව තුරුලු කරගන්න ගමන් මන් ඇහුවේ සෑහෙන්න ලොකු ගෝනියක් කරේ තියාගෙන පාරේ ගිය කෙනෙක්ගෙන්

" උබලා මේ දිහා නෙමෙයි "

" නෑ මාමා "

"මේ රජරට නොවැ.."

" ආහ්.. බොහොම ස්තූතියි මාමා "

ඒ මනුස්සයා ගියාට පස්සෙ මන් වාගීෂ්වර දිහා බැලුවේ පුදුමෙන් වගේ.

" රජරට... ඒ කියන්නේ කොහෙද "

" අපි යමු අධීර කොහෙන්හරි ඉන්න තැනක් හොයාගන්න ඕන.. පොඩි එකාට රෑ වෙද්දි මෙහෙම ඉන්න අමාරුවෙයි.."

කැලේ අයිනට කිට්ටු වෙන්න තිබුන ගමක ගෑනු කෙනෙක්ගෙ උදව්වෙන් අපිට නවතින්න තැනක් හොයා ගත්තා.. අපි තුන් දෙනා නොදන්න ලෝකේක තනි වෙද්දි,  එතනින් පස්සෙ මමයි වාගීෂ්වරයි  සැබෑ ලෝකේ සාමාන්‍ය මිනිස්සු විදිහටම ජීවත් වෙන්න පටන් ගත්තා..

ටිකෙන් ටික කාලේ ගෙවෙද්දි මට එයාව මතක් වුනේ නැති දවසක් නැති තරම්..
බෙල්ලේ තියෙන එයා දාපු මාලේ කලුපාට ගල කවදහරිම රතුපාටින් දිලිසේවි කියලා බලාපොරොත්තුවෙන් උදේ රෑ හැම මොහොතක්ම, හැම තප්පරයක්ම පවා එයා එනකම් බලාගෙන ඉන්න ඇති..
ඒත් අන්තිමේදි ඉතුරු වුනේ බලාපොරොත්තුවක් විතරයි.. අවුරුදු දහයක්.. නෑ ඊටත් වඩා මම රජරට ඒ කියන්නේ අනුරාධපුරය.. මේ මුළු නගරයම පීරලා එයාව හොයන්න ඇති..
ඒත් අඩුම එයාගේ හුස්මක් තරමවත් හොයාගන්න ලැබුනේ නෑ.. අන්තිමට මට තේරුනේ මම අන්තිම පරාජිතයෙක් කියන එක විතරයි..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now