දැන් නම් සමහරවිට එකහමාරත් පහු වෙලා වෙන්නැති.. දවසම එහාට මෙහාට දුවලා කකුල් දෙකත් හොදටෝම රිදෙනවා.. කොහෙද වතුර ටිකක් දෙන්නවත් මේ එක සතෙක්වත් නෑනේ.. අම්මපා මුන් මොකට යාළුවො කරගත්තද මන්දා..
මේ පාර ස්පෝට්ස් මීට් එකනම් සුපිරියටම තියෙයි කියලා හිතෙනවා..මොකද අවුරුදු ගානකට පස්සෙ ස්පෝට්ස් මීට් එකක් තියෙන නිසා කොල්ලෝ විතරක් නෙමෙයි සර්ලා මැඩම්ලා පවා බැහැලා වැඩ.. එක අතකට ලෝභත් හිතෙනවා මේ ඉස්කෝලේ කාලේ දාලා යන්න.. මේ සුදු පාට යුනිෆෝර්ම් එක අස්සෙ කියාගන්න බැරි තරම් මතක ගොන්නක් පිරිලා තියෙනවා.. ඒත් තව පොඩි කාලයයි මේ ඉස්කෝලේ රැදෙන්න තියෙන්නේ.. මෙතනින් එහාට සමාජෙට බැස්සට පස්සෙ කොලුකම අතෑරලා වගකීම් උරහිසට ගත්ත මිනිහෙක් වෙන්න වෙනවා..
එක අතකට මොකක්ද මේ ජීවිතේ..
ඉපදෙන මැරෙන මේ පුංචි කාලපරිච්ඡේදයට ඇයි මිනිස්සු මෙච්චර දුක් විදින්නේ...වෙලාවකට මටත් පිස්සුද මන්දා.. ඔහේ තනියම කියෝනවා...
"අඩෝ නිතුමා.."
" ආව්හ්.. හුත්තෝ..
තෝ මගුලක්ද කරන්නේ..."කොහෙදෝ ඉදන් දුවන් ආපු සස්මිතයා හයේ හතරේ පාරක් කොන්දට දුන්නා දායි ගාලා.. මූ අලි මස්වත් කනවද මන්දා ඉන්න බෑ දැවිල්ලයි මූ ගහපු තැන..
" හපෝ බන්.. මහ ලොකු ස්පෝට්ස් කැප්ටන්.. බලපියකො උබෙ මූනේ හැටි..."
" තෝ මගෙන් මැරුන් නොකා මොකටද ආවේ කියපන් සස්මිතයා..."..
" ටවුන් එකට යමන් නිතුමා බඩු වගයක් ගන්න තියෙනවා.. අරුන් ටිකත් ගේට් එක ලග ඉන්නවා උබ එනකල්.."
"රුචිරුත් ඉන්නවද බන්.."
" ඌ නෑ උත්තෝ... ඇයි උබට පාලුද උබේ ගෑනි නැතුව...
හැබැයි මන් දැක්කා උබේ ගෑනි සහිරුවා එක්ක නම් එලියට යනවා..."හ්ම්..
ඒ කියන්නේ එයා ගිහින්...ඇයි රුචිරුට මට ලං වෙන්න බැරි.. මොකක්ද ඔච්චරටම සහිරුගේ තියෙන විශේෂත්වේ.. එයා මට එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව්වත් මගේ හිත විතරමයි දන්නේ එයාව මට දවසින් දවස කොච්චර ඕන වෙනවද කියලා.. උබ දන්නවනම් රුචිරු මේ පපුව අස්සෙ කොයි තරම් උබ ගැන ආදරයක් පිරිලා තියෙනවද කියලා
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25