විසි හත්වන හුස්ම

366 41 1
                                    

" අප්පච්චි ඔයා දැන් කියන්නේ මම ගුරුකුලේට යන්නම ඕන කියලද... වාගීෂ්වර ඇසුවේ තම අතෙහි වූ කඩුවේ මුවහත බලමින්..

" ඔව් උබ අනිවාරෙන්ම යන්න ඕන.."

" ඒත් අප්පච්චි අපි කඩු ශිල්පියෝ.. අංගම්පොර කාරයෝ නෙමෙයි... වාගීෂ්වර කිව්වෙ තම පියාගේ මුහුණ දෙස බැරෑරුම්ව බලන ගමන්ය..

" ඒක උබ මට අමුතුවෙන් කියන්න ඕන කාරණාවක් නෙමෙයි .. කඩු ශිල්පය කියන්නේ යාදේව්සිංහ පරම්පරාවට උපතින්ම උරුම වෙන දෙයක්.. මන් උබව එහෙ යවන්නේ වෙන හේතුවකට... ඔහු පැවසුවේ වාගීෂ්වර අතෙහි තිබූ කඩුව උදුරා ගනිමිනි..

"මොකක්ද අප්පච්චි හේතුව.."

මද වෙලාවක් ඔවුන් දෙදෙනා අතර නිහඩතාවයක් පැවතීය...

" නීලංගරුද්‍ර..." ඔහු පැවසුවේ ඔවුන් දෙදෙනා අතර ඇති නිහඩතාවය බිදිමින්ය..

"නීලංගරුද්‍ර.. ඔවුන් ... වාගීෂ්වර ඇසුවේ තම පියා දෙස පුදුමයෙන් මෙන් බලමිනි..

"උන් අපිට මොනවහරි හංගනවා පුතා.. ඕකුන් ඔය හංගන රහස් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ඔය ගුරුකුලෙන් විතරයි... ඒ නිසා උබ එහේ යන්නම ඕන.. අනික උබ කරකාර ගන්න ඉන්න එකත් එහෙනේ ඉන්නේ..." ඔහු වාගීෂ්වර දෙස බැලුවේ මද සිනහවක් නගා ගනිමිනි...

නීලංරුද්‍ර ගම්මානයට එපිටින් පිහිටි ගම්මානය යාදෙව්සිංහ ගම්මානය විය... නීලංරුද්‍ර ගම්මානය අංගම්පොර ශිල්පය සදහා සුවිෂේශී වූ අතර යාදේව්සිංහ ගම්මානය කඩු ශිල්පය සදහා සුවිෂේශී විය.. මේ ගම්මානයන් දෙකෙහි පාලනය කරන්නන් වූයේ නීලංරුද්‍ර පරම්පරාව හා යාදේව්සිංහ පරම්පරාවයි.. ඔවුන්ගේ පරම්පරා තුල පවතින අදුරු සත්‍යය වූයේ ඔවුන් එකිනෙකා අතර පවතින නොසංසිදෙන වෛරයයි.....

........................................

" ලො..ලොකු හාමුදුරුවනේ...".

"ගුරුන්නාන්සේ..."

"ඔය ගහෙන් බැහැලා ආවනම් ඔය දණගහගෙන ඉන්න කොලුවත් එක්ක.. ගුරුන්නාන්සේ පැවසුවේ ඔහුගේ දිගු රැවුල අතගාමින් අධීර දෙස බලමින්ය..

"අධීර... ලොකු හාමුදුරුවේ අධීරට කතා කලේ බැරෑරුම් බැල්මක්ද සමගය..."

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now