" මොනවද ඔච්චර කල්පනා කරන්නේ""ම්nහ් මොකුත් නෑ රුචිරු.. මට ඉස්සර හිටපු අපි දෙන්නවම මතක් වුනා.."
සහිරුයි සිහිනයි පන්සල දිහාට යනවා කියලා යද්දි මමයි රුචිරුයි ගම වටේ ඔහේ ඇවිදගෙන ආවා.. තාමත් ඉස්සර වගේමයි කිසිම වෙනසක් නෑ.. තිබුන එකම වෙනස ඒ කාලේ හිටපු පොඩි පොඩි එවුන් ටික දැන් මහ මිනිස්සු වෙලා.. සමහරක් මැරිලා ගිහින්.. ඒ කාලේ හිටපු මහඑවුන් දැන් මැරිලා ගිහින් සෑහෙන කාලයක් ගතවෙලා.. ඒත් තාමත් අපේ ජනපදය තිබ්බ විදිහමයි.. සැබෑ ලෝකේ වගේ ඕනවටත් වඩා විච්චූරන පිරිලා නැති තාමත් පුරුදු ගැමිකමම රකින එක අතකට කිව්වොත් අපිරිසිදු වෙන්න තියා හිතලවත් නැති පාරිශුද්ධ තැනක්..
" ඔයාට මේ තැන මතකද "
රුචිරු ඇහුවේ අපි එන අතර මග තිබුන දොල පාරක් පෙන්නන ගමන්" මොකද මට අමතක.. දවසක් ගුරුකුලේදි තිබ්බ ගොන්කමට වහ බීපු එකා කොහෙද කියලා බලන්න හොයාගෙන එනකොට අන්න ඒකා නහයත් උඩට ඇද ඇද මෙතනට වෙලා ඉන්නවා..
ඒ අස්සේ කාටද මන්දා බනිනවත් ඇහුනා ඉතින්..මන් බලාගෙන එයා මන් කියපු ඒවට දාගෙන රතු වෙනවා.. ඒත් ඒ කාලේ මතක් වෙද්දිත් පපුවට කියාගන්න බැරි වේදනාවක් එනවා.. හරියට උල් කටුවකින් මුලු පපුවම සිදුරු කරනවා වගේ..
" මොකද මෙතන කරන්නේ"
" අ..අරුනාද්‍ය "
" තමුසෙ දවාලේ පොකුණේ බැහැගෙන ඉදලා දැන් මේ ඇලවල් ගානේ ඉද්දි හීතල අල්ලනවා නේද "
"මම නිතරම මෙතනට එනවා අරුනාද්‍ය.. මගේ හිත නිදහස් මෙහෙම ඉද්දි "
"ම්ම් "
"ආ මේක ගන්නවා "
" මොකක්ද මේ "
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25