" අත්තම්මට වැදපන් පුතේ.."
" දළදා හාමුදුරුවන්ගේ පිහිටයි රත්තරනේ..
පරිස්සමින් ගිහින් වරෙල්ලා..අත්තම්මට වැදලා අපි ආපහු යන්න පිටත් උනා... මගේ අලුත් ගෙදරට..
ඒ කියන්නේ මං ආය මෙහෙ එන්නේ නැද්ද.. මගේ ගෙදර දාලා යන්න මට බෑ.. අම්මා ආය අපිට මෙහෙට එන්න පුළුවන් කිව්වත් මන් කොහොමද මගේ යාලුවෝ.. මගේ ගෙදර නැතුව ඉන්නේ... ආයෙත් මං තනි උනා.... තනිකම කියන වචනෙට මම සෑහෙන්න බයයි....
මගේ අම්මා, අප්පච්චි ඒ දෙන්නම ගුරුවරු.. ඔයාලා හිතනවා ඇති ගුරුවරයෙක්ගෙ පුතෙක් කියන්නේ මං සෑහෙන්න අහිංසක තැන්පත් ළමෙක් වෙන්නැති කියලා.. ඒත් මං ඒකේ අනිත් පැත්ත කිව්වම ඔයාලා විශ්වාස කරනවද.. අපේ ඉස්කෝලේ ප්රින්සිපල් කියන විදිහට මම තරම් ඇට්ටර කොල්ලෙක් එයා ජීවිතේට දැකලා නෑලූ... සමහර විට එහෙම වෙන්න ඇති.. සමහර වෙලාවට පාලුව, තනිකම දැනෙන වෙලාවට මං කලේ කාගේ හරි අවදානය මට ගන්න වැඩ කරපු එක...කව්රුහරි මට එපා කියපු දේම කරපු එක...ඒකටම හරියන්න යාලුවොත් මට හිටියා.. ඒත් දැන් මට එයාලවත් දාලා මෙහෙන් මන් නොදන්න පළාතකට යන්න වෙනවා...
( ගිම්හාන් නිතුම් සත්සර දිසානායක
වයස අවුරුදු 18 )ඉතින් නුවර අහස..., ආයෙත් මං දවසක එනකම් ඔබේ මතකයන්ට ස්තූති"
නොපෙනී යන මගේ ගෙදර දිහා බලාගෙන මම හිතින් මිමිණුවා...
අම්මටයි අප්පච්චිටයි ගම්පහ ඉස්කෝලේක මාරුවක් හම්බුනාලු.. ඒත් ඒක එයාලා මාව මෙහෙන් අරන් යන්න කරපු දෙයක් කියලා මන් දන්නවා... මාව මගේ හිත ඒ දෙන්නට කවදාවත් තේරුම් ගන්න බැරි උනා.. මගේ දඩබ්බරකම් අස්සෙ මං හෙවුවෙ ආදරේ කියලා එයාලාට තේරුම් ගත්තනම්..
මන් මෙච්චර දඩබ්බර කොල්ලෙක් නොවෙන්න තිබ්බා..ගම්පහ...
ගම්පහ කියන්නේ තරමක් ජනාකීර්න නගරයක්.. නුවර වගේ පරිසරයක ජීවත් උන මට මේ නගරයට හුරු වෙන්න ටිකක් අමාරු උනා...
මෙහෙ හරි රස්නෙයි.. මං හිතන්නේ දවල්ට පිච්චෙන්න වගේ.. රෑ කියලත් වෙනසක් නෑ පුදුම තරම් දාඩියයි.. නුවර එක්ක මෙහෙ බලද්දි නුවර හරියට දිව්ය ලෝකයක් වගේ... මට ආව මුල් දවසෙම මට මේ නගරේ එපා උනා...
මං හේතුවක් නැතුවම මේ නගරෙට ඒ කියන්නේ ගම්පහ කියන නමට වෛර කරන්න ගත්තා.. මම මෙහෙට ආව නිසයි මගේ යාලුවො.. මගේ නිදහස නැති උනේ...( හේතුවක් තිබ්බේ නෑ කියන්නමත් බෑ ඉතින් )
" ඒත් ඒ හැමදේම තිබුනේ එයාව දකිනකන් විතරයි.. ඒ ඇස් දැක්ක දවසෙන් පස්සේ...මට හිතෙන්නේ මම එයා නිසා මේ නගරෙට පුදුමාකාර විදිහට බැදෙන්න පටන් ගත්තා..
නිතුම් සත්සර.... දඩබ්බර නමුත් ආදරණිය මනුස්සයෙක්.. එයා කලින් ජීවත් උන පලාතේ ඉදන් වෙන පලාතක පදිංචියට එනවා අම්මගේ තාත්තගෙ හදිසි ගුරු පත්වීමක මාරුවක් විදිහට...
මුලදි ඔහු මේ අලුත් නගරෙට අකමැති උනත් එක්තරා සිදුවීමක් නිසා එක්තරා පුද්ගලයෙකු සමග බැදෙන්න පටන් ගන්නවා.. ඒ පුද්ගලයට ඒකපාර්ශ්වික ආදරවන්තයෙක් ලෙස අසීමිතව ආදරේ කරනවා... එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ.....teenage love story එකක්....🍃🌼
........................................................................
හිමි වුනත් අහිමි වුනත්
මේක අපි ගොතපු අපේ කතාව...
ආරම්භයත් අවසානයත් ලියන්න අයිතිය තියෙන්නේ
අපිටම විතරයි............................
මේක ff එකකට වඩා අමුතුම කතාවක්...
කුතුහලය, සෙනෙහස ඕනවටත් වඩා පිරුණු ..ආදරවන්තයෝ දෙන්නෙක්ගේ කතාවක්....
අඩුපාඩු ගොඩක් ඇති... ඒත් අවසරයි මගේ හැගීම් අකුරු කරන්නට..Ruth shiwon 🌼🍃
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Ficção Adolescenteඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25