දහනමවන හුස්ම

430 39 0
                                    


ආදරය කියන වචනේ තේරුම ඔයාලා කාගෙන්හරි මම ඇහුවොත් ඔයාලා කියාවී ආදරේ කියන්නේ පරිස්සම් කරන එක කියලා.. තවත් කෙනෙක් කියාවී ආදරේ කියන්නේ එයාව තේරුම් ගන්න එක එයාට හොදට සවන් දෙන එක කියලා..
අපේ එකෙක්ගෙන් ඇහුවොත් කියාවී වටේ යන බස් වලට අත දාන් ඉල්ලන් කන එක කියලා... ඒත් මට දැනෙන විදිහට ඒ දේවල් කියන්නෙම ආදරය නෙමෙයි..
සාජහන් මුම්ටාස් වෙනුවෙන් ටජ්මහල හැදුවෙ, රාම සීතා වෙනුවෙන් රාවණා එක්ක යුද වැදුනේ.. කුස රජ්ජුරුවො පබාවතී වෙනුවෙන් දුක් වින්දෙ.. සාලිය කුමාරයා අශෝක මාලා වෙනුවෙන් රජකම පවා අතෑරියේ.. මේ හැම පරිත්‍යාගයක් කලේම ආදරේ නාමය ඔප්පු කරන්නයි.. මන් කියන්නේ ආදරය කියන්නෙ පරිත්‍යාගය.. ආය ආපිට ආදරයක් දශමෙකින්වත් බලාපොරොත්තු නොවී ඒ කෙනාට මුළු පපුවෙන්ම ආදරය කරන එක.. පපුව පලලා දිගෑරලා පෙන්නුවත්  එක හුස්මක් වෙනුවෙන් ගැහෙන එක...

සමීරයා යසිරු එක්ක නවතින්න උගේ ගෙදර යද්දි ෂෙහාන් තව කොල්ලො ටිකක් එක්ක රෑ ඉස්කෝලෙම නැවතුනා.. අම්මා අප්පච්චිගෙන් අඩුම කෝල් එකක්වත් නැති වෙන තැන මට සිද්ද උනා අද රෑටත් රුචිරු එක්කම නවතින්න.. හිතේ එක පැත්තක කියාගන්න බැරි දුකක් කැකෑරුනත් හිතෙ අනිත් පැත්තෙන් කියාගන්න බැරි සතුටක් මෝදු වෙන්න ගත්තා.. හිතේ දුකට හේතුව මේ දැනෙන තනිකම නම් ඒ තනිකම නිවන හේතුව රුචිරු උනා..

රුචිරුයි මමයි බස් එකෙන් බැහැලා ගෙදරට එන පාර දිගේ ඔහේ ඇවිදගෙන ආවා.. දැන් සමහරවිට දහයට විතර කිට්ටු ඇති.. මුලු ලේන් එකේම ගෙවල්  අන්ධකාරෙන් පිරිලා තිබ්බේ මමයි රුචිරුයි විතරක් ඒ අදුර මැද්දේ තනි වෙද්දි.. ඔක්කොටම වඩා මේ සීතල.. අත් විතරක් නෙමෙයි දත් පවා හිරිවැටෙනවා අප්පා....

"රුචිරු"

"ම්ම්"

" ඔයාට සීතලද.."

"ටිකක්.."

"මගේ ලගට එනවද.."

"අනේ මේ ආස ඇති.."

" ආසයි තමා බන්.. වරෙන්කෝ ටිකක්..
උබව ඉඹින්න නෙමෙයි බන් එන්න කිව්වේ මටත් හීතල නිසා කරට අත දාගෙන යන්න.."

මන් දිහා තප්පරයක් විතර එයාගේ කෝපි පාට ඇස් දෙකත් හීනි කරන් හිටපු රුචිරු  එක පාරටම ඇවිත් මට තුරුලු උනා.. මන් එයාව අවුස්සන්න විහිළුවට කිව්වා උනත් එයා ඇත්තටම මට ඇවිත් තුරුලු උනාම මගේ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා..
එයා ගාව හරි සුවදයි.. එයාගේ හුස්ම පවා හරි උනුහුම්... කාත් කව්රුවත් නැති පාලු පාරේ ඉතුරු වෙලා හිටියේ මමයි රුචිරුයි විතරයි..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now