" මේ රුචිරු "
" ම්ම් "
" මෙතන මාර නිදහස් නේ.. "
"...................."
" අනේ අප්පා පොඩ්ඩක් කතාකරනවකො ඕයී.. මෙතන මිනිස්සු හිතයි මන් තනියම කියෝනවා කියලා "
" කට වහගෙන කන්න සත්සර කද්දි කතා කරන්න හොද නෑ "
" යැයි යැයි තමා..
මේ රුචිරු නම් මොකෙක්ද මන්දා මන් නැති වුන අවුරුදු ගානට සෑහෙන්න වෙනස් වෙලා.. ඉස්සර හිටපු එකා මගෙන් වචනයක් ගන්න නොකරපු දෙයක් නෑ.. ඒකට දැන් ඉන්න එකාගෙන් එක වචනයක් කටින් එලියට ගන්න තියන අමාරුව..
මන් රුචිරුට ඇති වෙනකම් හිතෙන් බනින ගමන් මස් කෑල්ලක් කටේ ඔබා ගත්තා.. මන් බලාගෙන රුචිරුවත් කන ගමන් හොරෙන් හොරෙන් මන් දිහා බලනවා.........................
රුචිරු povඔයා නොදන්නවා වුනාට ආදරණීය වගේම වේදනාකාරි මතකයක් හිතේ තියාගෙන මිනිහෙක්ට ජීවත් වෙන එක හරි අමාරුයි සත්සර.. මීට අවුරුදු ගානකට කලින් මන් ඔයාව දැක්කේ ආඩම්බරකාරයෙක් වගේ තවත් පැත්තකින් දැක්කේ දුෂ්ටයෙක් වගේ ඒත් ඒ හැම පැත්තකින්ම වැහුන ආදරණීය මනුස්සයෙක් ඉන්නවා කියන්නත් මන් දැක්කා.. නෑ ඔයා මට එයාව පෙන්නුවා.. ඒත් මන් තවමත් මගෙන්ම ප්‍රශ්න කරන්නේ ඔයා මට ආදරේ කරපු තරම් එක දශමයක් තරමවත් ආදරයක් ඔයාට මන් ඒ කාලේ දුන්නද කියලා..
මගේ ජීවිතේ රැක ගන්න කියලා ඔයාගේ පන මට දෙද්දි මට කරන්න පුළුවන් උන එකම දේ ඔයාගෙ හුස්ම මගේ ඉස්සරහ නැති වෙන හැටි නිකමෙක් වගේ බලාගෙන ඉදපු එක විතරයි.. ඔයාගෙන් ලැබුණ මුළු ඇගම සීතල වෙලා යන ආදරණීය හාදු ,නපුරුකම අස්සේ හැංගිලා තිබුන ආදරේ.. මේ හැම මතකයක්ම ගෙවුන කාලේ පුරාවටම මගේ හිතේ ඕනවටත් වඩා වද දුන්නා සත්සර.. ඔයා කියනවා මම කතාකරන්නෙවත් නැතුව ඔහේ ඉන්නවලු.. ඒත් මන් කොහොම කතා කරන්නද දෙයියනේ මුළු උගුරෙන්ම මගේ වචන පවා හිරකරද්දි.. මීට අවුරුදු දහ අටකට කලින් ඔයා ආවේ පන ගැහුණත් මල මිණියක් වගේ තිබුන මගේ ආත්මෙටම අලුත් හුස්මක් දීගෙන..
" මොනවද මගේ මූන දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ..
" ආය කවදාවත් මම යන්නේ නෑ බන්... මට උබව ඕන තරම් දන්නේ මම විතරයි.."
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25