" අනේ මූ එක්ක මොකුත් කරන්න බෑ අප්පා..
පොඩ්ඩක් අත ගනින්කෝ බලන්න.."" අහකට පල සස්මිතයෝ..
වටේ පිටේ කොල්ලොත් බලන් ඉන්නවා..
ලැජ්ජා නොකර අහකට පල.."මම රුචිරුවත් හම්බෙලා එයාට පරිස්සමෙන් ගෙදර යන්න කියලා එහෙම්මම අපේ පංතියට අඩිය තිබ්බා විතරයි සමීරයයි සස්මිතයි ඇතුලට වෙලා දහ අට සන්නිය නටනවා.. යසිරුවයි ෂෙහානයි පැත්තකට වෙලා කට ඇරගෙන උන් දෙන්නගෙ රංගනේ දිහා බලන් ඉන්නවා..අම්මපා මේ යක්කු මගේ යාළුවෝත් උනානෙ..
" ඒ සමීරයා මොකෝ කේස් එක
මූනත් ලේන්සුවෙන් වහගෙන මොකෝ බන් ඔය කරන්නේ.."මාත් මොකක්ද සීන්කෝන් එක කියලා බලන්න ෂෙහානයලා හිටිය තැන ලග තිබ්බ ඩෙස් එක උඩින් ඉද ගත්තා.. සමීරයා උගේ මල් මල් ලේන්සුවෙන් මූනත් වහගෙන ඉන්නවා හරියට සමාජෙට මූන දෙන්න බෑ වගේ.. ඒ අස්සේ සස්මිතයා මුගේ අස්සට වෙලා ලේන්සුවෙන් අදින්න හදනවා.. හරියට ගෑනියි මිනිහයි වගේ.
" මේහ්..මේ මොකුත් නෑ නිතුමෝ මුන් මෙ...."
" කටවහපන් සමීරයා.. හිටපන්කෝ නිතුමො උබට වෙච්ච සීන් එක කියන්න"
"යසිරුවා එපා.. මගේ නම්බුව තියපන් බල්ලෝ.."
" උබේ ඔය නම්බුව තියලා බම්බු ගහගනිම්.. උබ කියපන් යසිරුවා"
" මේකයි නිතුමෝ උබට මතකද අපේ අලුත් GIT මැඩම්"
" ආ... අර මේ ලගදි ආව ලස්සන පොඩි අක්කා මැඩම් නේ බන්..මන් හිතන්නේ උපරිම අවුරුදු 26ක් 27 ක් ඇති.."
" යූ... ආ රයිට්... ආන් ඒ ටීච බබා තමා.."
" දැන් මොකෝ උනේ කියපන්කෝ.."
ඕං එහෙනම් අපේ සමීරගේ ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ලව් ස්ටෝරිය අහපල්ලකො..
ඔය මිස් ආවේ උබ එන්නත් මාස දෙකකට විතර කලින්.. බොරු කියන්න ඕන නෑනේ බන් ආව පලවෙනි දවසෙම මගේ හදුන්පතත් කූන් කූන් ගෑවා.. ලා රෝස පාට සාරියක් සුදු බඩ පේන්නම ඇදලා.. ලස්සන ලිප්ස් වලත් ලා රෝස පාට ගාලා.. පුදුම ලස්සනක් තිබ්බේ හරියට සෝස මලක් වගේ.. අපේ මේ ගොන් වස්සා ඒ කියන්නේ සමීරයා එදා ඉදන් අපේ මිස්ට ලව් කරන්න අරන්..
මූත් කලොත් කරන්නෙම ඕවා තමා පොඩිකමට නෙමෙයි වැඩ අක්කලව ටෝක් කරන්න යන්න පුහ්... ගස් නරියා..
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Teen Fictionඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25