එකොළොස්වන හුස්ම

487 52 2
                                    


" අද අපි මොනාද කරන්නේ බන්....
කෑල්ලකුත් නැති එකේ අපිට මොන වැලන්ටයින්ද..."

" ඇයි යසිරුවෝ මේ අගේට ඉන්නේ බන් එල කොල්ලෙක් බැබලි බැබලි...
ඕන්නම් උබටත් අවස්ථාවක් තියේ..."

" අනේ මට කියලා ජාතිය අමතගන්නේ නැතුව හිටු ෂෙහානයො.. මන් තෝව මේ ඇලේ ඔබනවා දැනගනිම්..

කාලෙ ගිය ඉක්මන.. අද පෙබරවාරි 14 ඒ කියන්නේ ආදරවන්තයින්ගේ දවස...
වෙනදාට මට මේ දවසක් සාමාන්‍ය දවසක් වගේ විශේෂයක් නැති උනත්.. මේ පාර මට සෑහෙන්න විශේෂයි.. ඒක පාර්ශ්වික ආදරවන්තයෙක් වුනත් මට මේ දවස විශේෂයි..

මේ පාර ආදරවන්තයින්ගේ දිනය ඇවිත් තිබුනේ සෙනසුරාදා දවසකමයි ඒ කියන්නෙ ක්ලාස් තියෙන දවසක්.. ඒ කියන්නේ චූටි චූටි කපල් වලට ඇවිත් ඕන තැනක ඇවිදින්න පුළුවන්.. සමහර විට ගම්පහ පාර්ක් එක මේ වෙනකොටත් ආදරවන්තයින්ගෙන් පිරිලා ඇති.. පන්තියට එන පාර පුරාම වගේ අත් අල්ලගෙන ඔහෙ මෙහෙ ඇවිදින කොල්ලොයි කෙල්ලොයි වැහි වැහැලා.. එකම පාටම ඇදුම ඇදපු ලස්සන කපල් දැක්කම ආසත් හිතෙනවා..
මටත් ආසයි රුචිරු එක්ක මේ විදිහට අත් අල්ලගෙන නිදහසේ ඇවිදින්න.. එයාගෙ ලස්සන කෝපි ඇස් දිහා වරුවක් උනත් බලාගෙන ඉන්න.. ඒත් ඒ දේ හීනයකට විතරක් සීමාවෙනවනම් මගේ හිතට කොච්චර වේදනාවක් ඇතිද.. සමහර කෙනෙක් කියාවි කොල්ලෙක්ට කොල්ලෙක් ආදරේ කරන එක අසම්මතයක් කියලා.. ඒත් ආදරයට කොහෙද භේදයක් ආදරයට කොහෙද සම්මත අසම්මතයක්.. අපි හැමෝම කැමති සැනසීමක් දෙන පපුවක තුරුලු වෙන්න විතරයි.. ඔය සම්මත කියන බැදීම අස්සෙ සතුට තියේ නම් දවස් හතක් මගුල් කාලා කරපු කසාදය ආයමත් උසාවියකදි දික්කසාදයක් වෙන්නේ නැති වෙයි.. ආදරය කියන්නේ දෙවියො විදින්න මවපු  දෙයක් මිස ජාති ආගම් භේද දාලා හිර කරන බැදීමක් නෙමෙයි..

" මොනාද බන් උබ ඔච්චර හිතන්නේ..
උබේ ප්‍රේම කුමාරයා ගැනද.."

සමීරගේ කටහඩින් ආයමත් කල්පනා ලෝකෙන් එලියට ඇවිත් බලද්දි මම ඔහේ සෑහෙන වෙලාවක් බලාගත්තු අත බලාගෙන ඉදලා..".

" හ්ම්.. එයාවත් මතක් උනා බන්.."

" උබ ඇයි බන් උට ආදරෙයි කියලා කියන්නේ නැත්තේ.."

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now