අද පෙබරවාරි 19 වෙනිදා.. දවස් පහක් මම එයාව දකින්නේවත් නැතුව ගෙවිලා ගිහින්.. ඔව් මන් එයාව පුළුවන් තරම් මගහැරියා.. වෙනදට හම්බෙන හැම වෙලාවෙම එයාගේ ක්ලාස් එකට එයාව බලන්න ගියපු මම අද ආර්ට් එකේ හුලගක් වැදෙන තැනකින්වත් යන්නේ නැතිතරම්.. වෙනදට හවස සිසු සැරියෙ එයත් එක්ක ගෙදර යන්න හිටපු මම අද හවස් වෙලා රෑ වෙනකනුත් ඉස්කෝලේයි ටවුන් එකෙයි ඉදලා ගෙදර යන්නේ..හැගීම් වලට පුළුවන් මනුස්සයෙක්ව සම්පූර්ණ කනපිට හරවන්න.. දැනට දවස් ගානකට කලින් පොඩි එකෙක් වගේ ආදරේ හොයපු මම අද වෙනකොට ආදරය කියන වචනෙත් අප්‍රසන්න වෙන තැනට ආව මනුස්සයෙක් වෙලා තිබුනා..තව දවස් 5 යි අපේ ස්පෝට්ස් මීට් පටන් ගන්නවා ඊට පස්සේ මාර්තු 5 AL වලට නිවාඩු දීලා අවුරුදු නිවාඩුවත් එක්කම අප්‍රේල් 17 ඉස්කෝලේ පටන් ගන්නවා...
ඊට පස්සෙ අපිත් 13 වසරට යනවා.. ඒ කියන්නේ ඉතින් තව කී දවසක්ද මෙහෙම ඉස්කෝලේ එන්න තියෙන්නේ.." නිතුමා පොඩි එවුන් ටිකගෙ වැඩේ හරි නේද.. උන් ටික අවුලක් දැම්මේ නෑනේ.."
ඒ කතා කලේ සහිරු.. ස්පෝට්ස් මීට් නිසාම අපි එකට වැඩ කලත් මට එයා එක්ක ඉන්න පොඩ්ඩක්වත් හිත දුන්නෙම නෑ.. ඒත් අපි යාළුවොනෙ..
ඒක එයාලගේ තේරිම.. මන් මොකටද එයාලා එක්ක තරහ වෙන්නේ.." අව්ලක් නෑ සහිරු.. 6 යි 7 යි යි පොඩි උන් ටිකගේ ඉවෙන්ට්ස් ටික ඉවරයි..
දැන් තියෙන්නේ 8, 9 සෙට් එකගේ 200m , 100m ඉවෙන්ට්ස් දෙකයි දුර පනින එකයි තියන්න ඊට පස්සේ උන් ටිකගේ ඔක්කොමත් ඉවරයි..
හැබැයි කෝකටත් අදත් හවුසස් ටිකේ ක්‍රීඩා නායකයෝ ටික ගෙන්නලා කතා කරමු.. මොනවද තියෙන අඩුපාඩු කියලත් බලාගන්න පුළුවන් නේ..""ම්ම්... ඒක හොදයි බන්..
තව පොඩි දවසක්නේ අපිටත් ඉතුරු..
හෙට අනිද්දම හවුසස් හදන්නත් පටන් ගනි..""හ්ම්"
" උබගේ හවුස් එක පැත්තේ යන්නේ නැද්ද බන්.. මන් දැක්කේ උබ ක්‍රිකට් මැච් එකටයි වොලිබෝල් වලටයි ඉන්නවා විතරයි.. යකෝ මෙච්චර චාන්ස් තියන එකේ චැම්පියන් වත් ගහපන්කෝ.."
ඒකත් හවුස් එකට ලකුණක්නේ.." මන් 800m හිටියා බන්.. ඒක නම් first place.. බලමු අනිත් ඒවත් පුළුවන් උනොත් ඉන්න.. තව කල් තියෙනේ.."
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Novela Juvenilඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25