අටවන හුස්ම

589 57 2
                                    

" මොනාද ඔච්චර බලන් ඉන්නේ.."

" ම්nහ්.. මොකුත් නෑ බන්"

රුචිරු පෙනුමෙන් වගේම මොකක්හරි වැඩක් කරන වෙලාවටත් සන්සුන් කෙනෙක්.. එයා පෑන අල්ලගෙන හිමීට හිමීට වැඩ කරන දිහා මන් හරි ආසාවෙන් බලන් හිටියා...
ඒත් වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නෑ මගේ  බඩ චුට්ට චුට්ට සද්දෙ දාන්න පටන් ගත්තා...
දැන් එකත් පහු වෙලා ඇති බඩගිනී මට හොදටෝම...
මන් හිතන්නෙ රුචිරුටත් මට බඩගිනි කියලා තේරුනා..

"බඩගිනි නේ "

"ම්ම් ටිකක්"

"එන්න අපි මොනාහරි හදාගම්මූ"

රුචිරු  මටත් කුස්සියට එන්න කියලා කාමරේ ලයිට් එකත් නිමාගෙන යන්න ගියා.. මටත් ආස හිතුනා එයත් එක්ක හැමදාම මෙහෙම ඉන්න.. එකට වැඩ කරන්න.. එකට නිදාගන්න... එකට කෑම කන්න... ඒත් ඒවා මට හීන විතරයි..
එයා කවදාවත් යාළුකම කියන සීමාවෙන් මාත් එක්ක පිටතට යන්න කැමති වෙන්නෙ නෑ...

පිරිමි කෙනෙක් උනත් මන් ආදරේ ලගදි හරි බොලද කෙනෙක්.. ආදරය සෙනෙහස කියන වචනෙටත් ගොඩක් ලෝභ මනුස්සයෙක්.. සමහරවිට මට පොඩි කාලේ ඉදන් අහිමි වෙච්ච ආදරේ මම එයාගෙන් හොයනවා ඇති..ඒත්
මට මේ හැගීම් එයාගෙන් හංගගෙන ඉදලා ගොඩක් අමාරුයි...

මම කුස්සියට යනකොට එයා නූල්ඩස් පැකට් දෙකක් අතේ තියාගෙන කල්පනා කරනවා.. කටත් අමුතු විදිහට හදාගෙන එයා ඉන්න විදිහ දැක්කමත් ආස හිතෙනවා..

"රුචිරු .."

මම එයාට කතා කරනකොට එයා එක පාරටම ගැස්සිලා වගේ මන් දිහා බැලුවා.. එයා ලොකු කල්පනාවක ඉදලා වගේ..

"මොනාද කරන්නේ.."

" මං මේ අපි දෙන්නට නූල්ඩස් එකක් හදන්න හැදුවෙ.. අයියත් නැති නිසා උයන්න විදිහක් නෑ සත්සර..."

"මේ රුචිරු .."

"ම්ම්'

"මන් උයන්නද "

"ඔයාට උයන්න පුළුවන්ද "

මම එයාගෙන් උයන්නද කියලා අහපු හැටියේ එයා මන් දිහා ඇස් බෝල කරගෙන බලන් හිටියා... සමහරවිට විශ්වාස කරන්න බෑ වගේ.. මන් වගේ ඇට්ටර කොල්ලෙක්...උයන්නත් දන්නවා කියන එක ඕන කෙනෙක් ඇහුවම පුදුම වෙන එක අහන්නත් දෙයක් නෑ..
එක දවසක් සස්මිතයගෙ ගෙදර ගිහින් උයන්නද අහද්දි ඌත් ඔහොම කටත් මොකක්ද කරන් බලන් හිටියා..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now