"කෝ ආ කියපන්....
" ඔච්චර ලොකු එකක් කොහොමද අනේ මම කටට දාගන්නේ..."
"ඇයි උබ බබානේ රුචිරු...
වරෙන් හරහට අරන් නලවන්න..උදේ සිද්ද උන හැමදේම ආයමත් පුරුදු විදිහට අමතක වෙද්දි මමයි රුචිරුයි ඉස්කෝලේ යන්න ලෑස්ති උනා.. ඒ වුනාට ඉස්කෝලේ පටන් ගන්නත් විනාඩි විස්සක්ම තියේ මේ යකා දගලනවා පරක්කුයි පරක්කුයි ගගා මන් මෙච්චර මහන්සි වෙලා හදපු බත් කටක්වත් කන්නේ නැතුව..
" කෝ කාපන් බන්...
ඊට පස්සෙ උබ ලෙඩ හදාගත්තමත් මටමයි කරදරේ...""පොඩ්ඩක් පොඩි කටවල් කවන්නකෝ සත්සර.. හපන්න අමාරුයිනේ.."
"මේන් මේක කාපන් මැරුන් නොකා"
උබට හපන්නම බැරි නිසා වෙන්න ඇති මේ අතේ නිල් පාටටම බැබලි බැබලි තියෙන්නේ...""ඒක වැරද්දට දුන්න දඩුවමක්..
" හහ්...මටත් එයිනේ දවසක්..."
"හාකෝ හාකෝ.."
රුචිරු ආය පාරක් මොකාට එන්න හදනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ හැබැයි.. ඒකා වතුර බොන ගමන් මා දිහා දැම්මෙනම් එසේ මෙසේ බැල්මක් නෙමෙයි.. හරියටම කිව්වොත් උබ කොරයි මට කියනවා වගේ බැල්මක්...
කොහොමින් කොහොමහරි මමයි රුචිරුයි හතහමාර බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා ඉස්කෝලේ ඇතුලට රිංගගත්තා.. අද ඉතින් දවසම ග්‍රව්න්ඩ් එකේ තමා.. රුචිරුවත් එයාගේ පංතියට දාලා මන් එහෙම්මම අපේ පන්තියට ගියා යසිරුවා අල්ලනන් ඕකව හම ගහන්න.. ඔය හිවලා නිසා තමා ඊයේ මට පැය ගානක් නම්‍යාව අල්ලගෙන ඉන්න උනේ...
" අඩොව්... යසිරුවා ඉන්න තැනකින් වරෙං... යෝ යෝ කෙලින්ම ජෝන් සීනා වැඩේට එන්ටර් වෙලා ඉන්නේ...
පංතියෙ ඉන්නේ මොකාද කියලවත් බලන්නෙ නැතුව මී හරකා වගේ පංතිය මැද්දට කඩා ගෙන පැන්නා.. හැබැයි පැන්නා විතරයි ඒ දැක්ක දේට කකුල් දෙකත් නිවාඩු දාලා දිව්වා වගේ.. යකඩෝ.. පොළගා සර්...
මේ මනුස්සයා මොකෝ මෙහෙ උදේ පාන්දරම.. ඔන්න ඉතින් අද දවසම ඉවරයි.. අහපන්කෝ ඉතින් පත දේශනාවක්ම..
මන් එහෙම්මම මගේ රබර් ඇහැ දාලා මගේ අතිජාතයො ටික දිහා බැලුවා.. ඇත්තවශයෙන්ම මට ඕනි උනේ උන් ටිකකෙන් අනුකම්පා සහගත් බැල්මක් උනත් ඕකුන් හතර දෙනාම මන් දිහා බලන් හිටියේ ජුගුප්සාජනක සත්ව පරාණයක් දිහා බලන ගානට.. අම්මපා මට නම් සැකයි මුන් මගේ යාලුවොද තරහකාරයොද කියලා.. මන් දිහා දත් සෙට් එකත් විරිත්තගෙන බලන් හිටපු ෂෙහානයට මගේ සුන්දර වම් අතේ මැදගිල්ල පෙන්නලා ආයෙත් සර් දිහාට හැරුනා.. දැන් ඉතින් දේශනාව අහපන්කෝ.....
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Подростковая литератураඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25