" පොඩ්ඩක් ඔය කකුල අහකට ගනින්කෝ සමීරයෝ ඇලෙන්න එන්නේ නැතුව...."
"ම්nහ්... උබ පලකෝ ඔය ඉඩ තියෙන්නේ..."
දෙයියනේ කියලා ඇහැ පියවගන්න හැදුවා විතරයි මේ ගෙවල සමීරයා උගේ දාර සයිස් කකුල මගේ ඇගට අතෑරියා.. මේකා නම් අලිමස් කනවද මන්දා පුදුම බරක්නේ තියෙන්නේ... මොන කරුමක්ද මන්දා නිදාගන්න කියලා හැදුවත් එක තප්පරයක් තරමවත් නිදාගන්න බැරි වුනා.. සමහරවිට නිදාගන්න තැන මාරු උන නිසාද මන්දා.. හැබැයි මට කෙසේ වෙතත් අනිත් උන් හතර නම් කට කපලා නිදි... සමීරයවත් පොඩ්ඩක් එහාට මෙහාට කරලා බෑග් එකේ තිබුන ෆෝන් එකත් අරගෙන මන් එලියට බැස්සා.. රෑ දොලහටත් කිට්ටු නිසාද කොහෙද මුලු පලාතම කට්ට කරුවලයි.. අතරින් පතර පියාඹගෙන යන වව්ල්ලුන්ගේ සද්දේ ඇරෙන්න මුළු පලාතම සෑහෙන්න නිශ්ශබ්දයි.. අත ලගම වැස්සක් එන්නද වගේ මුළු ඇගම සීතලෙන් හිරි වැටෙන තරමටම කඩින් කඩ සීතල හුලං පාරකුත් ගියා..
බැරි වෙලාවත් වැස්සොත්....." නිතුම්...."
පිටිපස්සෙන් ඇහුන කටහඩින් හැරිලා බලනකොට ඒ හිටියේ යසිරු.. උටත් මට වගේම නින්ද යන්නේ නෑ වගේ...
" යසිරුවා... මොකෝ උබටත් තැන අවුල්ද..."
"ඔව් බන්.... ගෙදර නිදාගෙන පුරුද්දට මෙහෙම නිදාගන්න සෙට් වෙන්නේ නෑ බන්.."
"මටත් බන්..."
"වැස්සක් වහින්නද මන්දා එන්නේ නිතුමෝ.."
" ඒක තමයි බන් මාත් බැලුවේ.. වැස්සොත් අපි අනාතයි බන්.. මේ පොඩි ඉස්තෝපු කෑල්ලේ අපිට ඉන්න බැරි වෙයි...".
" වැස්සොත් මොනාහරි කරගන්න බලමුකෝ බන්..."
ටික වෙලාවක් මං දිහා බලන් හිටපු යසිරුවා ආයෙත් අහස දිහා බලාගත්තා.. ඌ ඉන්නේ සෑහෙන්න අව්ලෙන් කියලා මට තේරෙනවා.. අපරාදෙ මුන් ටිකව මාත් එක්ක එක්කන් ආවෙ කියලා මන් මටම බැනගත්තුවාර අනන්තයි.. යසිරු, ෂෙහාන්, සමීර, සස්මිත මගේ යාලුවන්ටත් වඩා මගේම සහෝදරයෝ බව ඇත්ත ඒත් මගේ හිතුවක්කාරකම නිසා උන්ට හීරිමක්වත් උනොත් මගේ හෘදසාක්ෂියට අනුව මටම සමාවක් දී ගන්න නම් බැරි වෙයි...
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Novela Juvenilඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25