තිස් දෙවන හුස්ම

332 43 8
                                    


"  ඔයා ඉන්නේ වේදනාවෙන්ද අනුරාග්.."
වාගීෂ්වර ඇසුවේ ඔහුගේ උරහිසින් තදින් අල්ලාගන්න ගමන්..

" මගේ මේ ඇස් වලින් ඔයාට සතුටක් පේනවද වාගීෂ්වර...."
අධීර කිව්වේ වාගීෂ්වරගෙන් මදක් ඈත් වෙන ගමන්..

"  අරුනාද්‍ය කියන්නෙත් තමුන්ව මරා දාන්න එකග වෙච්ච කෙනෙක් අනුරාග්..".

" ඔයත් මාව මරා දාන්න එකග වුනා වාගීෂ්වර.."

වාගීෂ්වර දෙස බලන ගමන් අධීර ඇසුවේ සමච්චලයට මෙනි..

"තමුන්ව විවාහ කරගන්න බෑ කියලා මේ හැමදේම සැලසුම් කලේ මම නම්.."

වාගීෂ්වර කිව්වෙ අධීරගේ පුදුමයෙන් මෙන් ඔහු දිහා බලද්දි..

"  නෑ.. ඒක වෙන්න බෑ.."

"ඒත් ඒ දේ තමයි සිද්ධ වුනේ අධීර..
මන් තමුසෙට ආදරේ කලා.. ඉස්සරත් කලා.. මේ දැන් පවා.. මන් ආදරේ කරන එකාව මට විවාහ කරගෙන ඒකවම මරලා දාන්න තරම් මම හිත හයිය මිනිහෙක් නෙමෙයි... මගේ අප්පච්චි මාව මෙහෙට ඉගෙන ගන්න කියලා එවනකම් මම හිතාගෙන හිටියේ තමුසේ අනාතයෙක් නිසා මට විවාහ කරලා දෙන්න යනවා කියලා.. ඒත් මේ හැමදේම සැලසුමක් අධීර.. උන් හැදුවේ මාව තමුසෙට විවාහ කරලා දීලා මගේ අතින්ම තමුසෙව මරලා දාන්න.."

වාගීෂ්වර කිව්වේ අධීරගේ දෑස් දෙස බලමින් වේදනාවෙනි..

" ඒත්.. එත් එයා..මන් කිව්වේ අරුනාද්‍ය මේකට එකග වෙන්නේ නෑ වාගීෂ්වර "
අධීර කිව්වේ තම දෑතින් කොණ්ඩය ඇදගන්නා ගමන්..

" සන්සුන් වෙන්න.. සන්සුන් වෙන්න අනුරාග් "
එකවරම වාගීෂ්වර ඔහුව තුරුලු කරගත්තෙ අධීරව සන්සුන් කිරීමට මෙනි..

" උබගේ අම්මා යක්ක ගෝත්‍රික කෙනෙක් වුනාට උබගේ තාත්තා අර්ධ යක්කයෙක් අධීර.. අවුරුදු දාහකට සැරයක් මේ තුන් ගෝත්‍රෙන්ම බිහි වෙන මනුස්ස ආත්මේ අර්ධ යක්කයෙක් වුනාම මේ ගෝත්‍ර තුනේම උන්ට දරාගන්න බැරි වුනා.. මොකද උන් දන්නවා ඒක උන්ගෙ වංශක්කාරකමට තර්ජනයක් කියලා.. තමුන්ව ලේසියෙන් කිසිම එකෙකුට නැති කරලා දාන්නත් බෑ.. ඒකත් කරන්න පුළුවන් තමුන්ව විවාහ කරගත්ත එකාට හෝ එකීට විතරයි.. උන්ට ඕනි උනේ උබව මගේ අතින් මරලා දාන්න ඒත් මන් කොහොමහරි ඒ පව්කාර වැඩෙන් ගැලවුනා.. මොකද මම උබට ආදරේ කරපු නිසා.."

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now