" උබ ඒ කියන්නේ සිරාවටම අපිත් එක්ක යන්න එනවද බන්..."
"ම්ම්... ඔව් "
" ඕයි යසිරුවා මරුනේ බන්...
එහෙනම් කොල්ලො දැන් ඉතින් සැරියත් අපේ රාජධානියක් තමා...මිරිස්වත්ත පාරෙන් යන්නේ නැතුව උන් එක්ක සැරියෙ යන්න ඕනයි කිව්වම...ඕක ඇත්තද ඕක ඇත්තද ගගා ඔය ෂෙහානයයි... යසිරුවයි සිය පාරකට වඩා මගෙන් අහන්න ඇති... මටත් හිතාගන්න බැරි මන් මුං එක්ක යන්න එනවා කිව්වම මුන් දෙන්නට හැදිල තියෙන කුලප්පුව මොකක්ද කියලා...
ඇත්තටම මම මේ බස් එකේ යන්න එකම හේතුව එයා... මගේ මේ හිතේ එයා ගැන තිබුන නමක් නැති බැදීමට නමක් දුන්නෙ එයා...
ඔව් අපි දැන් යාළුවෝ....
එයත් මේ බස් එකේ ගෙදර යන නිසා මටත් ඕන උනා ටික වෙලාවක් හරි එයාත් එක්ක යන්න... එයාව පරිස්සම් කරන්න.....ඒත් එයාව දැක්ක පලවෙනි දවසේ ඉදන් මේ දැනුන හැගීම යාලුකමක් විතරමද කියන්න මන් දන්නේ නෑ....
" ඒ බං අන්න එනවා"
බස් එක ඉස්පිරිතාලේ ගාව නවත්තපු ගමන් අපි තුන් දෙනා අනිත් උන්වත් පෙරලගෙන කොහොමහරි නැග ගත්තා... මන් බස් එකේ තිබ්බ හැම සීට් එකකම එයාව හෙව්වා..
ඒත් එයා හිටියේ නෑ....
සමහරවිට එයා මගින් නගීවී....ඔන්න ඉතින් මේකේ ඉන්න බේසාවෝ නැග්ග විතරයි ටකරං තලන්න පටන් ගන්නවා...
"ඒ ගානට අල්ලපන්...
සුරාංගනී... සුරාංගනී....
සුරංගනීට මාළු ගෙනවා...
මාළු මාළු මාළු...
මේ දැන් ගෙනාපු මාළු
සුරංගනීට මාළු ගෙනාවා...ඕක ඉතින් මේ සැරියවල් වල යද්දි නිතරම අහන්න පුළුවන් සිංදුවක්...මොකද කොයි වෙලේ බැලුවත් ඕක උන්ගේ කටේ තියෙනවා...
ඔය වෙන මොන හේතුවකටවත් නෙමෙයී.. ඒ සිංදුවේ මේං මේ කෑල්ල නිසා..." බෝල බෝල බෝල
සුරංගනීගේ බෝල
සුරංගනීගේ පොල් සම්බෝල...
පස්ස පස්ස පස්ස
සුරංගනීගෙ පස්ස
සුරංගනීගේ ගේ පිටිපස්ස...ඕකුන් කොහොමත් දසවලත්තයොනේ...
බස් එකේ කෙල්ලොත් ඉන්න නිසා ඕකුන්ට ඇහෙන්න මහ හයියෙන් ඔය කෑලි කියන්න ගන්නවා...
බස් එකේ පිටිපස්සේ සීට් යහතින් තියන එක අදටත් පුදුමයි.. මොකද ඕකුන් ඔය සීට් වලට ගහන ගැහිල්ලට ඕවගේ කෑල්ලක්වත් ඉතුරු උනොත් තමා පුදුමේ....
YOU ARE READING
අනුරාග් (yizhan ) ✅
Jugendliteraturඔබට ආදරය කිරීම ගැන මා පසුතැවිලි නොවෙමි.. නමුත් ඔබ හට ඇබ්බැහි වීම ගැන මම මාහටම වෛර කරමි... රූත් 🌼🍃 2024/2/25